ගෘහස්ථ වහල මත සවිකරන සූර්යබල විදුලි උත්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වාදීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කළ බව එහි අධ්‍යක්ෂක ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.
ගෘහස්ථ මට්ටමින් සූර්යබලයෙන් විදුලිය උත්පාදනය කිරීම බලපත්‍ර ගැනීමෙන් නිදහස් කිරීම තුළින් එවැනි උත්පාදන සඳහා පවතින බාධා අවම කිරීමටත්, ඒ සඳහා උනන්දු කරවීමටත් මෙම පියවර ගත් බව ද කුමාරසිංහ මහතා කීවේය.
පැවැති නීතිය අනුව විදුලිය නිෂ්පාදනය කර ජාතික පද්ධතියට අලෙවි කරනු ලබන විදුලි පාරිභෝගිකයන් හට කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ගත යුතුව තිබූ අතර නව නීති අනුව එසේ බලපත්‍රයක් ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කරන බව ද කුමාරසිංහ මහතා කීය.
COMMENTS
රජය මැදිහත්වෙලා මේවා මහජනතාවට සාධාරන මිලකට ලබාදෙන්න. සමාගම් වලින් මේවායින් අධික ලාබයක් ගන්නවා. අනාගතේදී විදුලි අර්බුද වලටත් විසඳුම් ලැබෙයි. (නි)
රජය මැදිහත් වෙලා මේවා මහජනතාවට සාදාරන මිලකට ලබා දෙන්න. සමාගම් වලින් මෙවයින් අධික ලාබයක් ගන්නවා. අනාගතේදී විදුලි අර්බුද වලටත් විසදුම් ලබෙයි. (ර)
හොද දෙයක් . ස්තුතියි (ම)