(හර්ෂණ තුෂාර සිල්වා)
වසර 2020 මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛතම වසර බවට පත් කිරීමට ආණ්ඩුව සැලැසුම් කර තිබේ.
ඒ වෙනුවෙන් ‘විසිට් ශ්‍රී ලංකා’ යනුවෙන් වැඩසටහනක් දියත් කරමින් ශ්‍රී ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.
සිනමන් හෝටල් සමූහය ඇතුළු පාර්ශවකරුවන් සංවිධානය කරන ලද ‘සංචාරක කර්මාන්තයේ’ අනාගතය යන මැයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී අද (26) පැවැති සමුළුවේදී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා එම කරුණු අනාවරණය කළේය.
වසර 2020 දී ‘විසිට් ශ්‍රී ලංකා’ යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එම වසර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛතම වසර බවට පත් කිරීම සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
අග්‍රාමාත්‍යවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ උපායමාර්ග 10ක් සහිත වැඩසටහනක් සහ කාර්ය සාධන බලකායක් ‘විසිට් ශ්‍රී ලංකා’ ඉලක්කය සපුරා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කීය.
‘පොහොසත් රටක් 2025’ දැක්මට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය එහි ප්‍රධානතම අරමුණ යැයි ද කීවේය.
ඉදිරි කාලයේදී සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයට දායක්තවය සපයන ප්‍රමුඛතම අංශය බවට පත් කිරීම සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.
වසර 2020 දී සංචාරක කර්මාන්තයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක ආදායමක් ඉපැයීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව පසුගිය වසරේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ගිය අතර සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,518ක් විය. එය 2015 වසර හා සැසඳීමේදී සියයට 18 වර්ධනයකි.
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව මේ වසරේ මුල් මාස හයක කාලයේදී සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම සියයට 4.8කින් වර්ධනය වී තිබේ. එම දත්ත වාර්තාවලට අනුව මේ වසරේ මුල් මාස හයක කාලයේදී සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,733.6කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"වසර 2020 දී ඩොලර් බිලියන 7ක ආදායමක් ඉපැයීම ආණ්ඩුවේ අරමුණද? පසුගිය වසරේදී ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,518ක් විය. අවුරුදු 3කින් එච්චර බිලියන් ගානක් වෙනස් කරන්න පුළුවන්ද?
සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් කරන්න තියෙන්නේ එක දෙයයි.. ඔය සංචාරක අමාත්යංශය සහ මණ්ඩලය විසුරුවා හැරලා හෝ පුද්ගලීකරණය කරලා සංචාරක කර්මාන්තය ගැන හොඳට දැනුම් තේරුම් තියෙන අයට ඔය අංශය බාරදෙන එකයි .. ලෝකයේ අනිකුත් සියලුම රටවල් වල පුරවැසියන් දැන් ගොඩක් විදේශ වල සංචාරය කරනවා. එය දැනට අවුරුදු 10 කට කලින් හා සැසඳුවොත් ගොඩක් ඉහල ගිහින් .. එ්ත් එසේ සංචාරය කරන නව පරපුර අතර ලංකාවට තැනක් නැහැ ... එක එක දේශපාලන පක්ෂ බලයේ ඉන්නවිට සුදුසුකම් නොබලා බඳවා ගත් තම හෙන්චයියන් මගින් ඔය අංශය පාලනය කරවනතාක් කල් සහ සැලසුම් සකස් කරන තාක් කල් විශාල පෙරලියක් බලාපොරොත්තු වෙන්න බැහැ... වර්තමානයේ සංචාරයට ලෝක වැසියන්ගේ ඇති කැමැත්ත අනුව ලංකාවේ සංචාරක අමාත්‍යාංශයක් හා සංචාරක මණ්ඩලයක් තිබුනත් නැතත් මේ පැමිණෙන සංඛ්‍යාව ලංකාවට ගෙන්නගන්න පුළුවන් ..එය සංචාරක අමාත්‍යංශයේ හෝ මණ්ඩලයේ දක්ෂතාවය නිසා ලබපු දියුණුවක් නෙමෙයි ....
සංචාරක කර්මාන්තය හොඳ ව්‍යාපාරයක්. තව සත්ව උද්‍යාන මදිවෙයි නේද? අපටත් අඹ, වෙරළු අච්චාරු, වෙළඳාම කරගෙන යන්න පුළුවන්. ඒ සත්ව උද්‍යානවලට තව අලි, කොටි, වලස්සු, නයි, මුගටි, රිලව් වගේ දේවලුත් ගෙනෙයි නේද? අපේ බිස්නස්වලට හොඳයි.
2020 දී කියාවි 2022 කියලා, සුළු සහ මධ්‍යම පරිමාණයේ සංචාරක ව්‍යාපාරිකයන්ට අවශ්‍ය යටිතල පහසුකම්, සංචාරක මර්මස්ථාන වල ජලය වැසිකිළි පහසුකම් වැනි අත්‍යවශ්‍ය පහසුකම් සපයන්නේ නැතුව, බොරු සංඛ්‍යා ලේඛන පෙන්වමින් උත්සවවල කමින්, බොමින් සම්ප්‍රප්පලාප දෙඩවීමෙන් පමණක් සංචාරක ව්‍යාපාරය දියුණු නොවේ.
කතන්දර අහල අපේ කන් පිරිලා , කරුණාකරලා දැන් වත් වැඩක් කරලා පෙන්වනවද ? පලදයිතාවයක් තියන වැඩක් , මෝඩ වැඩ නම් නොකෙරුවාට කමක් නැහැ .
සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඉස්සර ලංකාවේ කුණු කසල පිරිසිදු කරලා තියන්න. සංචාරකයන්ට පාරවල්වල අැති කුණු, ගංගා ඇල දොළ කලපුව මුහුද වෙරළ මේ සියලුම තැන් වල තියෙන ප්ලාස්ටික් බෝතල් පිරිසිදු කළයුතුයි....එවිට සංචාරකයෝ වැඩි වැඩියෙන් ලංකාව බලන්න පැමිණේවි.... සෑම නගර සභාවකටම මෙය පැවරුවොත් මෙය අපහසු දෙයක් නොවේ තරු ගණන් වල හෝටල් විතරක් හදල මොනව කරන්නද?
සංචාරකයෝ කෙසේ වෙතත්, සරණාගතයෝ එන එක නම් වැඩිවෙලා...
මොන ප්‍රමුඛ වසරක් ප්‍රකාශයට පත් කලත් හැමදාම සංචාරක ව්‍යාපාරය එකම තැන. කිසිම දියුණුවක් පෙනෙන්න නැත. සංචාරක මණ්ඩලය කලක සිට මහලොකුවට ආයතන හතරකට කැඩුවා. ඉන් එක ආයතනයක් වන්නේ මම දන්නා විදියට සංචාරක ප්‍රවර්දන කර්යාංශය. ශ්‍රී ලංකාව ලෝකයට ගෙනයන්න පැවරිලා තියෙන්නේ මේ ආයතනයට. නමුත් අවාසනාවකට මෙමගින් කිසිම දැනෙන ප්‍රවර්ධනයක් සිදු නොවේ. එයට ප්‍රධානම හේතුව මාර්කටින්ග් ගැන කිසිම දැනුමක් නැති පිරිසක්... නැතහොත් කෙටියෙන් කිව්වොත් නුසුදුසු පිරිසක් මෙහි සේවය කිරීමයි. මාර්කටින්ග් උපාධියක් කොහෙත්ම නැති වෙනත් උපාධි හිමි යම් පිරිසක් මෙහි මාර්කටින්ග් කරනවා. සාමාන්‍ය රටතොට ගැනවත් නොදන්නා මොවුන් කොහොමද රට ප්‍රවර්ධනය කරන්නේ? මම දන්නා තරමට මෙම මාර්කටින්ග් පිරිසට කිසිම විදේශ භාෂාවක් කතා කල නොහැක. ඉතින් කොහොමද සුද්දෝ මෙහෙට එන්නේ? නමුත් මේ පිරිස ට්‍රවෙල් ෆෛර්ස්, රෝඩ් ශෝව්ස් කියා ඒවාට යන්න පුදුම උනන්දුවක් දක්වා රට වෙනුවෙන් කියා රටේ සල්ලි කෝටි ගණන් කාබාසිනියා කොට තමන්ගේ සාක්කුවලට දාගනියි. මේ වට ගිහින් නැටුමක් නටවපු පලියට විදේශිකයන් ලංකාවට එයි කියලා මොවුන් හිතන් ඉන්නේ...
මුලර්හානිෆා මුදලාලි මහත්මයානෙනි, සංචාරක කර්මාන්තය හොඳයි තමා, අපේ ඇමතිතුමා හොඳයි. තරහ ගියොත් ව්‍යාග්‍රයා වගේ තමයි. එයත් අච්චාරු වලට පුදුම ආසාවක් තියෙන්නේ. බිස්නස් වලට හොඳ හෙල්ප් එකක් දෙයි...
අැමැතිතුමනි ඩොලර් කෝටි ගණනක් වියදම් කරමින් දකුණු ආසියාවේ තිබෙන උසම ගොඩනැගිලි අතරට එකතුවෙන රුපවාහිනී කුළුණ ලංකාවේ හැදුවට, සංචාරක මර්මස්ථානවල අත්‍යවශ්‍ය පහසුකම් වන වැසිකිළි පහසුකම් වැනි දේවල් නිසිලෙස සකසා ගැනීමට අපට බැරි වී තිබෙනවා. කොළඹ කොටුවේ ඉඳන් ගුවන් තොටුපලට දුම්රිය මාර්ගයක් සදා තිබුණත් අඩුම තරමේ කටුනායක ගුවන් තොටුපලේ ඉඳන් සංචාරකයන්ට සහ ගුවන් මගීන්ට අපහසුවකින් තොරව කොළඹ කොටුවට ළඟාවෙන්න නිසි දුම්රිය පහසුකම් වත් සැලසීමට, පසුගිය ආණ්ඩුව හෝ මෙම ආණ්ඩුව අපොහොසත් වී ඇත. අැමැතිතුමනි දුම්රිය සේවය ඇති කිරීමට 2020 වෙනකම් ඉන්න ඕනේ නැත. ආණ්ඩුවට අවශ්‍ය නම් මාසයක් තුලදී කරන්න පුළුවන්....
දැන් මෙතුමාගේ ශරීර සෞඛ්‍යය කොහොමද? අර මං තීරුවේ දුවනවා එහෙම ඇතිනේ....
මේ කෙනා 2020 දී මැරෙන්න ඉන්නවා වෙන්න ඕනේ මේක හරියන්න නම්...
පළමුව සංචාරක ප්‍රතිපතියක් රටට හදුන්වා දෙන්න. එය සකස් කරන්න කලින් සංචාරක ව්‍යාපාරය ගැන හොදින් දැනුවත් අයගේ අදහස් සැලකිල්ලට ගන්න. සංචාරක කලාප ඇති කරලා ඒවාට අවශ්‍ය පහසුකම් සලසලා දියුණු කරන්න. සංචාරක ව්‍යාපාරයට මහගු සේවයක් සලසන අය අතර ඉන්න කුඩා සංචාරක මග පෙන්වන්නන් සංචාරකයින්ට පහසුකම් සලසන රියදුරුවරුන් ගේ අදහස් සැලකිල්ලට ගන්න. ඔවුන් අද මේ ව්‍යාපාරය ට සෑහෙන විදියට දායක වෙනවා. රට තුල ඇති කුණු කදු ඉවත් කරන්න. නගර ගම පිරිසුදු කිරීමට මුල් තැනක් දෙන්න. අපේ මුහුදු වෙරල පිරිසිදු තැනක් බවට පත් කරන්න. සංචාරකයින් ගසා කන ඇත්තන්ගෙන් සංචාරකයින් ආරක්ෂා කරන්න. එක වරක් මෙරටට පැමිණෙන සංචාරකයෙකු නැවත වරක් හෝ දෙතුන් වරක් හෝ ගෙන්වා ගැනීම කෙරෙහි අවදානය යොමුකරන්න. මේ කිසිවක් නොමැතිව 2020 සංචාරක ප්‍රමුක වසර කරන්න කොහෙත්ම බැහැ. 2020 දී සමහරවිට බොහෝ අය මේ කතාවට හිනා වෙන්නත් පුළුවනි.