IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙලා

ඉකුත් ඔක්තෝබර් මාසයේදී උද්ධමනය සියයට 8.8ක් ලෙස ගණනය කර ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
 
මේ අනුව සැප්තැම්බර් මාසයේදී සියයට 8.6ක් වූ ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේදී දශම දෙකකින් සියයට 8.8ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔක්තෝබර් මාසයේ දී පොල්, සහල් සහ එළවළුවල පැවැති අඩු මිල මට්ටම් ඔක්තෝබර් මාසයේදී උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. 
 
මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී උද්ධමනය සඳහා ආහාර කාණ්ඩය සියයට 6.4ක සහ ආහාර නොවන කාණ්ඩය සියයට 2.4ක දායකත්වයක් ලබා දී තිබේ. එහෙත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ආහාර කාණ්ඩයේ මිළ ගණන් පහළ මට්ටමක පැවතීම නිසා එම මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ දායකත්වය 2.3%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 2.8%ක්  විය.

කෙසේ නමුත් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළවිට, මේ වසරේ සැප්තැම්බර් මාසයේ 123.3 ක් වූ දර්ශක අගය ඔක්තෝම්බර් මාසයේ 124.8ක් දක්වා ඉහළ යාමක් වාර්තා වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි. පසුගිය මාසය හා සංසන්දනය කළ විට මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ දර්ශකාංක 1.5ක වැඩිවීමක් හෝ 1.2ක ප්‍රතිශතකාංක වැඩිවීමක් වාර්තා වී තිබේ. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම සියයට 1.12කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම සියයට 0.08කින් වැඩිවීම බලපා ඇත.
 
ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා පොල්, එළවළු, සහල්, අමු මිරිස්, කෙසෙල්, රතුළූණු, දෙහි සහ තේ කොළ යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම බලපා ඇත. එසේ වුවත් අළුත් මාළු, බිත්තර, අර්තාපල්, අඹ, කරවල සහ කුකුල් මස් යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇතැයි ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
 
සැප්තැම්බර් මාසය හා සසඳන විට මේ වසරේ ඔක්තෝබර් මාසයේදී  ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා ආපනශාලා හා හෝටල්, නිවාස, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය සහ විවිධ භාණ්ඩ හා සේවා යන කාණ්ඩවල වියදම්වල වටිනාකම වැඩිවීම බලපා තිබේ. 
තවද රෙදිපිළි හා පාවහන්, සහ ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු යන කාණ්ඩවල වියදම්වල වටිනාකමේ සුළු වැඩිවීමක් වාර්තා වේ. මෙම මාසය තුළ සෞඛ්‍ය, ප්‍රවාහන, සන්නිවේදන,
055.



අදහස් (1)

ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙලා

Bamunuarachchi Friday, 24 November 2017 05:07 AM

බජට් එකෙන් දාපු බදු ගෙවන්න වුණාම තවත් උද්ධමනය ඉහළට යාවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site