IMG-LOGO

ෆ්ලෙක්සිප්‍රින්ට් සමාගමට නැවතත් ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන

ශ්‍රී ලාංකේය ඇසුරුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Flexiprint පෞද්ගලික සමාගම ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා (NBE) 2022 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති කාවින්ද රාජපක්ෂ මහතා අතින් Flexiprint සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සතිස් අබේවික්‍රම මහතා ඇතුළු කණ්ඩායම සම්මාන ලබා ගත්හ. 

Flexiprint සමාගම දේශීය සහ විදේශීය තේ වෙළෙඳපොළට අනර්ඝ ප්‍රමිතියෙන් සහ උසස් තත්වයෙන් සපිරි තේ බෑග් ටැග් සහ තේ බෑග් කවර නිෂ්පාදනය කරයි. ෆ්ලෙක්සොග්‍රැපි තාක්ෂණය සහ ජලය සමඟ මිශ්‍ර කර ගත් තීන්ත (Water Base) භාවිතයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අගනා තේ ඇසුරුම් නිෂ්පාදනය ආරම්භ කළේ Flexiprint සමාගමයි.

1994දී එක් යන්ත්‍රයක් භාවිත කර සේවක සේවිකාවන් 10 දෙනකුගෙන් ඇරැඹූ Flexiprint ආයතනය වර්තමානයේදී යන්ත්‍ර අටකින් සහ 275කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විත දෙස් විදෙස් කීර්තිය දිනූ සමාගමකි. ඕනෑම ප්‍රමාණයක ඇණැවුමක් කලට වේලාවට සැපැයීමට අවශ්‍ය විශිෂ්ට තාක්ෂණික දැනුම සමාගම සතුය. තේ බෑග් ටැග්, තේ බෑග් කවර සහ පිරමීඩ හැඩැති තේ කවර ඇතුළු විවිධාකාරයේ තේ ඇසුරුම් රැසක් Flexiprint සමාගමේ නිෂ්පාදන කළඹට අයත් වේ. එක් එක් පාරිභෝගික අවශ්‍යතා වෙන වෙනම හඳුනා ගෙන ඔවුන් අතර මනා සම්බන්ධතාවක් පවත්වමින් සේවා සැපයීම සමාගමේ සුවිශේෂත්වයකි.

“ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී අඛණ්ඩ ඇගැයීමකට ලක් වීම අපගේ විශිෂ්ට නිෂ්පාදන සහ සේවා පිළිබඳව පවසන කදිම නිදසුනක්. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ව්‍යාපාර ක්ෂේත්‍රයක කටයුතු කරන අපි ඉදිරියටත් විශිෂ්ට නිෂ්පාදන ඔස්සේ ජාත්‍යන්තරය ජය ගැනීමට සූදානම්. මේ අවස්ථාවේදී මෙම සුවිශේෂ ජයග්‍රහණයට දායක වුණ අපගේ සේවක මණ්ඩලයට කෘතවේදීත්වය පිරිනමනවා.” කළමනාකරණ අධ්‍යක්ෂ සතිස් අබේවික්‍රම මහතා පැවසීය.

595



අදහස් (0)

ෆ්ලෙක්සිප්‍රින්ට් සමාගමට නැවතත් ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 552 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 977 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site