සන්දීප් ගෝපාල් මහතා 2021 මැයි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වැඩ භාරගත්තේය.
ෆෙයාෆස්ට් යනු ජාත්‍යන්තර තලයේ සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමකි. මීට ඉහත එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සංජීව් ජා මහතා ෆෙයාෆැක්ස් සමූහයේ උපදේශකවරයෙකු ලෙස ජාත්‍යන්තර තනතුරකට පත්කර තිබේ.
මීට වසරකට පෙර ප්‍රධාන ක්‍රමෝපාය නිලධාරී ලෙස ෆෙයාෆස්ට් සමාගම හා එක්වූ සන්දීප් ගෝපාල් මහතා එතැන් පටන් සමාගමේ දීර්ඝකාලීන ක්‍රමෝපාය සකස් කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. විශේෂයෙන් නව සේවා හඳුන්වා දීම, පාරිභෝගික සේවා සහ සේවක දායකත්වය යනාදී අංශ සම්බන්ධයෙන් ඒ මහතාගේ දායකත්වය හිමි විය. මීට පෙර එක්සත් රාජධානිය, හොංකොං සහ සිංගප්පූරුව වැනි රටවල රටවල Barclays, RSA, Allied World සහ Swiss Re වැනි ජාත්‍යන්තර සමාගම් වල සේවය කිරීමෙන් ලද අත්දැකීම් සම්භාරයක් ගෝපාල් මහතා සතුය. එමෙන්ම ක්‍රමෝපාය, පොදු කළමනාකරණය, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, අවදානම් කළමනාකරණය සහ තාක්ෂණය යනාදී අංශ සම්බන්ධයෙන් තමන් සතු අත්දැකීම් සමගින් ලොව සමාගම් කිහිපයක ආයතනික පරිවර්තන සඳහා නායකත්වය දීමටද ඒ මහතාට හැකියාව ලැබී තිබේ.
නව තනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් සන්දීප් ගෝපාල් මහතා මෙසේ පැවසීය. ”ෆෙයාෆස්ට් සමාගම සතු මේ විශිෂ්ට කණ්ඩායමට නායකත්වය දීමට හැකිවීම මට මහත් සතුටක්. ශ්‍රී ලංකාව තුළ අපගේ ව්‍යාපාර කටයුතු තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා විශාල ඉඩකඩක් පවතිනවා. පුද්ගලයන්ට සහ ව්‍යාපාර වලට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් පුරෝගාමී භූමිකාවක් ඉටුකිරීමේ හැකියාව ෆෙයාෆස්ට් සමාගම සතු බව මගේ විශ්වාසයයි.
ඡායාරූපය: ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සන්දීප් ගෝපාල් මහතා
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී සන්දීප් ගෝපාල්