
කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගත් අවස්ථාව
ආසියානු මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රයක් වන ෆයිනෑන්ස් ඒෂියා වෙතින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වැනි වසරටත් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස ගෞරවයට පාත්‍ර වී තිබේ.
හොංකොං හි කොන්රඩ් හෝටලයෙහි පැවති ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී බැංකුවට හිමි සම්මානය බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා විසින් පිළිගන්නා ලදී.
“ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු බොහෝ බාහිර සාධක වල බලපෑම් කළමනාකරණය කිරීමට සිදු වූ වර්ෂයක් තුළදී බැංකුව පෙන්වූ කාර්යසාධනය මත මෙම සම්මානය පදනම් වීම විශේෂිතයි,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය. “බාහිර අභියෝග හමුවේ මූලික බැංකුකරණ කටයුතු කළමනාකරණය කිරීම සඳහා වූ බැංකුවේ විචක්ෂණශීලී ප්‍රවේශයට මෙන් ම දුෂ්කර කාලයන්වල මෙහෙයුම් ශක්තිමත්ව පවත්වාගෙන යාමේ හැකියාවට, 2024 දී අප වාර්තා කළ සුවිශේෂී මූල්‍ය ප්‍රතිඵල සාක්ෂි දරයි. ෆයිනෑන්ස් ඒෂියා සම්මානය සඳහා එම සාධක සලකා බලනු ලැබුවා.”යනුවෙන්ද ඒ මහතා පැවසීය.
මෙම වසරේ ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව සමඟින් ඔවුන් ඔවුන්ගේ රටවල්වල හොඳම බැංකු ලෙස ශ්‍රේණිගත කරන ලද අනෙකුත් ෆයිනෑන්ස් ඒෂියා සම්මානලාභීන් වූයේ, සිටි බෑන්ක් (බංග්ලාදේශය), ඇලයිඩ් බෑන්ක් (පකිස්ථානය), බෑන්ක් ඔෆ් චයිනා (හොංකොං), PT බෑන්ක් මන්ඩිරි (ඉන්දුනීසියාව), BDO යුනිබෑන්ක් (පිලිපීනය), ටෙක්කොම්බෑන්ක් (වියට්නාමය) සහ යුනයිටඩ් ඕවර්සීස් බැංකුව (සිංගප්පූරුව) යන බැංකුය.
2024 දෙසැම්බර් 31 වැනි දින වන විට රුපියල් ට්‍රිලියන 2.876 ක සමූහ වත්කම්, රුපියල් ට්‍රිලියන 2.31 ක තැන්පතු, රුපියල් ට්‍රිලියන 1.53 ක ණය පොත් අගයක් සහ රුපියල් බිලියන 274.976 ක දළ ආදායමක් සහිත ශ්‍රී ලංකාවේ විශාල පෞද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව, 2024 දීත් අඛණ්ඩව සිව්වැනි වරටත් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය සම්පාදනය කරන්නා ලෙස ද ශ්‍රේණිගත කරන ලදී. තැන්පතු, ණය, මුළු වත්කම්, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, දළ ආදායම සහ මුළු ප්‍රාග්ධන පදනම අනුව පුද්ගලික අංශයේ බැංකු අතර ඉහළම වෙළෙඳපොළ කොටස් හිමිව ඇති, ශ්රී ලංකාවේ මිණුම් ලකුණක් බඳු වන පුද්ගලික බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව දිගටම පැවතුනි.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළෙඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී දාහතර වැනි වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව කොමර්ෂල්