IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ෆිච් රේටින්ග්ස් හේමාස් හෝල්ඩිංග්ස් AAA(lka) වර්ගීකරණය තහවුරු කරයි

භානුක අමරසිංහ

මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය සත්කාරක සේවා සමාගමක් වන හේමාස් හෝල්ඩිංග්ස් සමාගමේ ජාතික දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම, ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව AAA(lka) මට්ටම ලෙස තහවුරු කරන බව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය පවසයි. 

ඒ අනුව හේමාස් සමාගමෙහි සෞඛ්‍ය සත්කාර සේවා සහ පාරිභෝගික භාණ්ඩ ව්‍යාපාරය මගින් ලබාදෙන මූල්‍ය ප්‍රවාහය සතු ආරක්ෂිත බව මෙම ශ්‍රේණිගත කිරීම මගින් පෙන්නුම් කරන බව එම ආයතනය පෙන්වා දෙයි. අද වනවිට හේමාස් සමූහයෙහි පොලී සහ බදු පෙර ආදායම් අතරින් සියයට 90ක්ම මෙම ව්‍යාපාර අංශ හරහා හිමි වෙයි. එසේම ස්ථාවර ඉදිරි දැක්ම මගින් සමාගම වෙත වඩාත් ශක්තිමත් ශේෂ පත්‍රයක් පවත්වාගෙන යාමට සහයෝගයක් ලබා දෙනු ඇතැයිද එම ආයතනය අපේක්ෂා කරයි. විශේෂයෙන්ම ගත වූ වසර කිහිපයේදී පැවැති ආනයන අභියෝග නිසා කුඩා සමාගම් වෙත එල්ල වූ බලපෑම හේතුවෙන් තරගකාරීත්වයේ ඇති වූ පහළ වැටීම හේමාස් සමාගම වෙත තවදුරටත් ඖෂධ ආනයනය සහ බෙදාහැරීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව   හිමිවනු ඇති බව අපේක්ෂාව බවත් ෆිච් රේටින්ග්ස් වැඩිදුරටත් පවසයි. 

 



අදහස් (0)

ෆිච් රේටින්ග්ස් හේමාස් හෝල්ඩිංග්ස් AAA(lka) වර්ගීකරණය තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site