
භානුක අමරසිංහ
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය මෙරට බැංකු නොවන මූල්‍ය සමාගම් තුනක ජාතික දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම් දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යන බව ප්‍රකාශ කර සිටියි.
ඒ අනුව සෙංකඩගල ෆිනෑන්ස් සමාගමේ දැනට ඇති BBB(lka) ශ්‍රේණිගත කිරීම, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ දැනට ඇති BBB(lka) ශ්‍රේණිගත කිරීම සහ ෆින්ට්‍රකේස් ෆිනෑන්ස් සමාගමේ දැනට ඇති BBB(lka) ශ්‍රේණිගත කිරීම මෙලෙස එම මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන බව එම ආයතනය පවසයි.
මේ අතරින් සෙංකඩගල ෆිනෑන්ස් සමාගමේ ශ්‍රේණිගත කිරීම මගින් එම සමාගම ණය සහ තැන්පතු සම්බන්ධව පිළිවෙළින් සියයට 2 සහ 1.2 ක් ලෙස පවත්වාගෙන යන වෙළෙඳපොළ පංගුව පිළිබිඹු වන බව එම ආයතනය පවසයි. වඩාත් අවදානම් සහගත පාරිභෝගික අංශ වෙත මෙන්ම මෝටර් රථ අංශය වෙතද එම සමාගමේ නිරාවරණයවීම ඉහළ යාමක්ද මින් පෙන්නුම් කරන බවත් ඔවුන් පවසයි.
එසේම මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ශ්‍රේණිගත කිරීම මගින් එය ණය සහ තැන්පතු සම්බන්ධයෙන් හිමි කරගෙන තිබෙන සියයට 3ත් 4ත් අතර වෙළෙඳපොළ පංගුවේ ඉහළ යාම පෙන්නුම් කරන බව ෆිච් රේටින්ග්ස් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆිච් රේටින්ග්ස් මූල්‍ය සමාගම් තුනක ණය ශ්‍රේණිගත කිරීම් නොවෙනස්ව පවත්වා ගනී