නුදුරේදීම ඉලෙක්ට්‍රොනික චිපයක් සහිත නව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට සැළැසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුව කියයි.
තිබෙන පැරණි හැදුනුම්පත් වෙනුවට චිපය සහිත නව හැදුනුම්පත් ලක්ෂ 150 ක් පමණ නිකුත් කිරීමට කටයතු දැනටමත් අරඹා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්.සරත්කුමාර මහතා පවසයි.ඒ සදහා හැදුනුම්පත් නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 331 ක් දිවයිනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ඇතිකිරීමටද නියමිතය.
දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලට අනුව හැදුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු කඩිනම්වත් සාර්ථකවත් කිරීම සදහා උපාධිධාරී පුහුණු අයවලූන් 800 ක් පමණ බදවා ගැනෙනු ඇත.
නව හැදුනුම්පත් කිසි ලෙසකින්වත් ව්‍යාජ ලෙස නිපදවීමට නොහැකි වන පරිද්දෙන් නිපදවන බව සදහන්ය.අන්තර්ගත කැරෙන චිපයේ හැදුනුම්පත හිමිකරුවාගේ ජීව දත්ත සටහනක්,ඇගිලි සළකුණු,රුධිර ගණය ආදී තොරතුරුද අඩංගු කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදුනි දැනගන්න, මෙහි මා ඇතුළු බහුතරයක් අදහස් ඉදිරිපත් කරන්නේ රට වෙනුවෙන් බව, සුභ හෝ අසුබවාදී අදහස් සියල්ල අවශ්‍යයි. එම අදහස් සියල්ල ක්‍රමානුකූලව විශ්ලේෂනය මගින් හොදම විසදුම තෝරාගැනීම පහසුවක් වේවි. ලංකාදීපය මෙසේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම මගින් එවන් ජාතික මෙහෙවරක් ඉටු වනු බව පෙනේ. වගකිවයුත්තන් මෙම අදහස් කියවනවාද නැද්ද යන්න මම නොදනිමි. (ස)
හැඳුනුම්පත් ගැන කතා කරන්න එපා. නිකුත් කරන ඒවාත් මැකෙන්නේ නැතුව අවුරුදු 10 පාවිච්චි කරන්න බැරි නම් මොන තාක්ෂණේ තිබුණත් වැඩක් නැහැ (නි)
හොද ක්‍රියාවක්.උපරිම සහය දෙන්න. (නි)
වාහන ලයිසන් එක කල් යනකොට කුඩුවෙනවා. බැංකු කාර්ඩ් එකත් කල් යනකොට මැකෙනවා. මේවත් බලලා පාඩම් ඉගෙනගන්න (නි)
ඒක නම් හොද දෙයක්. ඒත් අපේ ලංකාවේ හැටි ගැන දන්නවනේ (නි)
හොඳ වැඩක්. මේ එක්කම පාස්පෝට් එකටත්, ලයිසන් එකටත් ඒ වගේ දෙයක් කරනවා නම් හොද නේද? (නි)
මේක හොදයි. අපේ ඇගිලි සලකුණු එක්ක මේ වගේ කාර්ඩ් පතක් නිකුත් කළ විට ඒ දත්ත වලින් ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක හොයාගන්න පුළුවන්. මෙවැනි දේ වලින් හොරකම් වංචා අවම කරගන්න පුළුවන්. වියදමක් දරා වුණත් මේ වගේ දෙයක් ගැනීම අනාගතයේ ලංකාවේ ජිවත් වීමට වාසියක් විය හැක. කුහක නොවන්න හොද දේවල් අගය කරන්න. (නි)
හොඳ වැඩක්. රටේ දියුණුවත් සමග වෙන්න ඕනෑ දේවල්. අනික රටේ මුදල් අඩුපාඩුවටත් හොඳයි නේ (නි)
මෙය ක්‍රියාත්මක කරන අය සියළු විස්තර ලබා දිය යුතුයි. වසර කිහිපයකට පසු මේ වැඩ පිළිවෙල අත්හිටුවනවාද? මොන සමාගම් වලටද භාර දෙන්නේ. නැත්නම් රජය යටෙත් ක්‍රියාත්මකද ? විනිවිද භාවයකින් සියල්ල හෙළි කල යුතුයි.(ස)
ප්‍රශ්ණ රැසක් තිබෙනවා අපිට- 1.වියදම අපෙන් ද අය කරන්නෙ? එහෙම නැත්නම් ආණ්ඩුවෙන්ද? 2.මැද පෙරදිග, ඉතාලිය වගෙ පිට රටවල ඉන්න අයට මේක නිකුත් කරන පිළිවෙල ගැන හිතලා බැලුවා නම් හොඳයි නේද? 4.දැන් උතුරුකරේ ඉන්න හැමෝටම මේක දෙනවද? 5.ඇත්තටම මේක හිමිවිය යුතු අයටත් කරදරයකින් තොරව ලබා ගැනීමට ඉඩකඩ තියෙනවද? 6.ඊළඟට ඔතැනට එන ප්‍රධානියාත් මේ වැඩ පිළිවෙළට එකඟ වෙයි ද? එහෙම නැත්නම් මව්බිමට මේ ආශ්චර්යය නැවත වරක් දරන්න සිදුවේද? (නි)
මේක නොමිලේ කරනවානම් තමයි හොඳ. (ස)
වැඩේ නරක නැහැ හරියට කරනවා නම්. ගොඩක් දුෂණ ක්‍රියා නවත්වන්න පුළුවන් වෙයි (නි)
දැන් තිබෙන තක්ෂණය යොදා ගෙන ඔය හොර කරන්න බැහැ කියන හැම දෙයක්ම හොර විදියට හදාවි. හොඳම දේ මේ හොර වැඩ කරන තාක්ෂනය දන්නා අයව රජයට අරන් රැකියාවක් දීලා ඒ අයෙගේ දස්කම් වලින් අපේ රටට වැඩක් ගන්න එකයි.(නදී)
ඇත්තටම හොද වැඩ පිළිවෙලක්. දැන් තිබෙන දියුණු තාක්ෂණයත් සමග අපිත් පෙරට යා යුතුයි. මේ එක්කම නව හැදුනුම් පතට පුද්ගල තොරතුරු, ඇගිලි සලකුණු ඇතුළු සියලු දේ එක් කිරීමට හැකිනම් අපරාද පරීක්ෂණය කිරීමේදීද එය ඉවහල් කර ගත හැකිය.(නදී)
මොන දෙය කරන්න හැදුවත් ගොඩක් දෙනා එය දකින්නේ අසුභවාදී විදියට.(ස)
අපිට වෙන කොහෙන් වත් හොර කරන්න ඕනෑ නැහැ. හොර එකත් හදලා දෙන්නේ කොතනින්ද කියලා දන්නවනේ. සල්ලි විතරයි ඕනෑ. (නි)
හොර කරන්න බැරි මේ ලංකාවේ ? මටනම් දෙපැත්තෙන්ම හිනා.(නදී)
හොර නැති මිනිස්සු ඕනේ. හොර නැති ක්‍රියාවලි ඉතා විරලය. මිනිස්සු හදන පිළිවෙලක් ගැන හිතමු. (ස)
ඕක පරික්ෂා කරන්න යන්තරයක් ඕනෑ නැද්ද? (නි)
හොඳ දේ හොඳයි.හොඳ දේ පිටුපසින් නරක දේ සිදූවීමයි නරක.කරන දේවල විනිවිද බවක් ඇත්තේම නැහැ.උදාහරණයකට හිටපු ගමන් ම චන්ද්‍රිකාවක් යවනවා.මුදල් කොහෙන්ද?කොහොමද ? මොන පදනම මතද මේක වෙන්නෙ? පැහැදිළි විස්තරයක් කවුද දන්නෙ? කලින් පිලිගත හැකි සාමාන්‍ය වියදමකින් සම්පූර්ණ කළ පාරක කිලෝමීටරයක් හදන්න හිටිගමන්ම කෝටිගණනක වියදමක් පෙන්නනවා. කොහාටද මේ වැඩියෙන් පෙන්වන මුදළ් අන්ත්‍රස්ධාන වෙන්නෙ.මේ මුදල් ඔය නම දාගන්න හදන අයගෙ නොවෙයි.ණය!ණය!!ණය!!!.මේවා පොලියත් එක්ක ගෙවන්න වෙන්නෙ අපිට අපේ අනාගත පරපුරට. (නි)
තිසල්, ඔබේ අදහස අගේ කරමි. මම කලින් එකතු කල අදහසටත් ගැලපෙනවා, ලංකාවේ තොරතුරු තාක්‍ෂණය දියුණු කරනවා කියලා කරන්නේ සමාගම් පෝසත් කරන එකම තමයි. තොරතුරු තාක්‍ෂණය යොදා ගනිමින් ගොනාට අන්දවා මුදල් ගාරාගැනීම දැන් විලාසිතාවක් වෙලා වාගේ කියලා හිතනවා. තොරතුරු තාක්‍ෂණය දියුනු කරන්න පිහිටවමු එක් ආයතනයක් තියනවා ලොකුවට බොරු කරන, කවුද මේවා හොයන්නේ. මෙය කියවන අය ස්වාධීනව හොයලා බලන්න.(නදී)
හොර කරන්න බැරි හැදුනුම්පතක් ගෙන ඒමට පෙර හොර කරන්නැති දේශපාලකයින්, නිලධාරීන්, ජනතාව සිටින රටක් ගොඩ නැගිය යුතුයි. මේකට මැෂින් එකක් තියනවා නම් කීයක් හරි දීල ගෙනාවත් කමක් නැහැ.(නදී)
අනිවාර්යයෙන්ම මේක පිටපස්සේ පුද්ගලික සමාගමක් පෝසත් කිරීමේ ව්‍යාපාරයක් තියනවාද කියලා හොයලා බලන්න. තව විස්තර අපිට දෙන්න ලංකාදීප. (මෙවන් තව ව්‍යාපෘති තියන බව දන්න නිසයි ලියන්නේ) (නි)
නවතම බද්ද ගෙවීමට සැරසෙවු! ජාතික හැඳුනුම්පත් බද්ද. (නි)
පාස්පෝට් එකටත් ඕක කරන්න පුළුවන් නම් හොදයි (නි)
හැමදේම හරියට කරන්න මුදල් ගොඩක් වියදම් වෙනවා. ඉතින් හැම දෙයකින්ම කොමිස් ගහලා අඩු මුදලකට වැඩ කරන කොට ඔහොම තමයි (නි)
ඔය කියන විදියට පරණ කරුණු , අලුත් කරුණු ඇතුළත් කරන්න ගිය විට , හැදුනුම්පත ලොකු කරන්නත් එපා,අපෙන් අයකරන්නත් එපා. (නි)
මම නම් මෙම හැදුනුම්පත ලබාගන්නෙ කිසිම මුදලක් ජනතාවගෙන් අය නොකර නොමිලේ සපයනවා නම් පමණි. රජයේ වගකීම් කිසිවක් හරියට ඉටු කරන්නෙ නැහැ. ජනතාවගෙන් මුදල් එකතුකර ගන්න ක්‍රම හොදට දන්නවා.රටේ රේල් පාරවල් ටිකටත් ගේට්ටු හදලා දෙන්න ඔය වගේ අදහස් පහළ වෙනවා නම් කොපමණ හොදද? (නි)
බම්බුව, විසා කාර්ඩ්, මාස්ටර් කාර්ඩ් වගේ ක්‍රෙඩිට් කාර්ඩ් හොර කරන අයට මේකත් මහලොකු දෙයක්ද? එහෙම නොවෙයි වෙන්නේ. ඔය කොහෙ හරි රටක හදපු මැෂිමක විකුණගන්න බැරිකමක් ඇති. එහෙම එකක් ලාබයට තියන තැනක් දන්නා ලොක්කෙකුගේ කවුරුහරි ඇති. අපි කොයි තරම් කෑගැහුවත් ඔය මැෂිම ගෙනෙනවා. ටික කලකින් අහන්න පුළුවන් කතන්දරේ දෙවෙනි කොටස. මැෂිමට හරියන ඉලෙක්ට්‍රොනික චිපය හදන්නේ ලෝකයේ එකම කොම්පැනියක් විතරයි. එම ඉලෙක්ට්‍රොනික චිපය ගෙන්වන දේශීය නියෝජිතයා අහවලාය. මිල අදික උනත් පිටින් ගන්නට නොහැකිය. රටේ අපි හරක්ය. තණකොළ උවමනාය.(නදී)
හොර නොකර කැඩෙන්නෙ නැති එකක් දෙන්න හොදේ (නි)
ඕනෑම දෙයක් අසුබවාදීව බලන අය ඉන්න නිසා මේ ප්‍රතිචාර ගැන සිතිය යුතු නොවේ.අපෙන් මුදල් අයකරලා හරි නිකුත් කරන්න.මේක හොද දෙයක් (නි)
කොච්චර කල් ඉදන්ද දැන් ඕක කියා කියා ඉන්නෙ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔය මොනදේ කරත් ලංකාවේ හොර මොළ සුද්ද කරනවා බොරු.නිහාල්ගේ අදහසට මාත් එකග වෙනවා. (නි)
දැන් තියන හදුනුම්පතවත් හරියට හදන්නෙ නැතිකොට අලුත් ඒවා හදන්න බලනවා. දැන් ඒවගේ කාන්තාවන්ගේ ෆොටෝ පිරිමියටයි, පිරිමින්ගේ ෆොටෝ කාන්තාවන්ටයි මාරු කරනවා. එක අංකයට හැදුනුම්පත් 2ක් නිකුත් කරනවා. එහෙව්කොට අලුත් එක කොහොම හදයිද මන්දා. (නි)
මෙහෙම දියුණු ක්‍රම යුරෝපයේවත් නැහැ. ටිකක් හොයලා බලන්න. වියදමට සාපේක්‍ෂව ප්‍රතිලාභය ගැන කල්පනා කර බලන්න. කාටද වාසිය? (නි)
ඕවා සිම්පල් අපිට (නි)
සල්ලි ඕනේ උනාම මේ වගේ යෝජනා එනවා. ගාන කීයක් විතර වෙයි ද කියල අහල බලමු.(ස)
ඊනියා බටහිර විරෝධියෝ පොදු රද මඩුලු සමුළුව එපා කිවුවා. ආණ්ඩුවේ ඇත්තෝ ඕනෑ කිවුවා.මම නම් අකමැති ඒකේ වියදමත් අපේ කරේ එල්ලන නිසා. දැන් රෝල්ස් රොයිස් කාර් 200 ඇනවුම් කරලලු එම සමුළුවට. ඔය වගේ තමයි හැමදේම.මේකෙත් ඔච්චරයි. (නි)
ලොකු දෙයක්. මොකද දැන් තියන එක මේ දියුණු ලෝකයට ගැලපෙන්නේ නැහැ (නි)
වැඩේ හොදයි. තිසල් කියනවා වගේ මගඩි වැඩත් මේවා පිටිපස්සේ තියෙන්න පුළුවන්.මුදල් අයකරලා දුන්නත් ආණ්ඩුවෙන් මුදල් පාස් කරලා කෙරුවත් දෙකම එකයිනෙ. ආණ්ඩුවේ තියෙන්නෙත් ජනතාවගේ සල්ලිම තමා. (නි)
ආවට පස්සේ බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)
ඊට කලින් දෙපාර්තමේන්තුවේ ඉන්න හොරු ටික එලවලා ඉන්න වෙයි (නි)