IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හම්බන්තොට වරායේ වාහන මෙහෙයුම්වල වර්ධනයක්

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ(2021) පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි එම වරාය සමාගම සඳහන් කරයි. මෙම වසරේ මුල් මාස 4 තුළ හම්බන්තොට වරාය වාහන 193,690 ක් ප්‍රතිනැව්ගත කළ අතර, පසුගිය වසරේ එම කාලය තුළ වරායට පැමිණි වාහන සංඛ්‍යාව 118,872 ක් විය. පසුගිය මාසයේදී වාහන 62,736 ක් ප්‍රතිනැව්ගත කළ අතර, මේ දක්වා මසක් තුළ වරාය විසින් හසුරුවා ඇති ඉහළම රොරෝ ප්‍රමාණය මෙයයි.

ඉන්දියාවේ චෙන්නායි, මුන්ද්‍රා, එනෝර්, දකුණු කොරියාවේ ගුන්සාන්, පියොංටෙක්, සහ ජපානයේ ඔසාකා, කොබේ සහ නගෝයා යන වරායන්වලින් ප්‍රතිනැව්ගත කිරීම සඳහා හම්බන්තොට වරායට වාහන පැමිණෙන අතර, දකුණු අප්‍රිකාවේ ඩර්බන්, මෙක්සිකොවේ වෙරක්‍රස්, අමෙරිකාවේ සැන් ඇන්ටෝනියෝ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සහ ප්‍රංශයේ ලේ හැවේරේ යන වරායන් වෙත මෙම වාහන ප්‍රතිනැව්ගත කරයි. NYK, MOL, Hyundai Glovis, Kline, ZIM, Hoegh ය යන නාවික සමාගම්හි නෞකාවන් ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු සඳහා හම්බන්තොට වරායට පැමිණේ.

“ගෝලීය අපනයන වෙළඳපොළ තවමත් ස්ථාවර නොමැති තත්ත්වයක, ප්‍රධාන නාවික සමාගම්, තම මෙහෙයුම් සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය තෝරා ගැනීම අප ධෛර්යමත් කරවන අතර ඒ සඳහා හේතු වී ඇත්තේ වරාය සතු කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ ඉහළ ඵලදායිතාවයැයි’ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPGඨ) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි. සී.එම්.පොර්ට් සමාගම සතු ගෝලීය ප්‍රමිතීන්ට අනුව ආරක්ෂාව හා ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කිරීමත් මේ සඳහා බලපා ඇති බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.

 



අදහස් (0)

හම්බන්තොට වරායේ වාහන මෙහෙයුම්වල වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site