හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ මුල් මාස නවය සඳහා ධනාත්මක මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්ව ඇත. මේ අතර HNB සමූහයේ බදු පසු ලාබය (PAT) රුපියල් බිලියන 34-7ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 47ක වර්ධනයකි. බැංකුවේ බදු පසු ලාබය පසුගිය වසරට සාපේක්ෂව සියයට 42 කින් වර්ධනය වී රුපියල් බිලියන 31-5ක් බවට පත් වී ඇත.
මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB හි සභාපති නිහාල් ජයවර්ධන මහතා මෙසේ පැවසුවේය. “සමාලෝචනයට ලක්වන කාලපරිච්ඡේදය තුළ HNB සහ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. රටේ තවමත් අභියෝග පැවතියද, රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ධනාත්මක ප්‍රතිඵල අත්කරගෙන තිබෙන අතර උද්ධමනය පහත වැටී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා රුපියල යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කරන අතර වසරේ පළමු අර්ධයේදී රටේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 4.8 කින් වර්ධනය වී තිබෙනවා. රජයේ මූල්‍ය තත්වය වැඩිදියුණු වීම සහ IMF වැඩසටහන යටතේ නියම කර ඇති ඉලක්ක හා අවශ්‍යතා සපුරා තිබීම ශ්‍රී ලංකාව නැවත යථා තත්වයට පත් වීම පිළිබඳව විශ්වාසය තවත් ශක්තිමති කර තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන සැලසුම් සඳහා සහාය වීමට HNB කැපවී සිටිනවා.”
මෙම කාල පරිච්ඡේදයේදී සාමාන්‍ය පොලී අනුපාත පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන අඩු වීමක් පෙන්නුම් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ කාල පරිච්ඡේදයේදී පොලී ආන්තික බෙහෙවින් අඩු විය. කෙසේ වෙතත්, ශේෂ පත්‍රයේ ශක්තිමත් වර්ධනය මෙහි බලපෑම අවම කිරීමට උපකාරී වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පළමු මාස නවය සඳහා ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 69.2ක් දක්වා වර්ධනය විය.
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 24.3 ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කළේය. 2024 වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව 2025 වසරේ මුල් මාස නවය තුළ ණය සහ අත්තිකාරම්වල අඛණ්ඩ වර්ධනය මෙයට හේතු විය. HNB හි බැංකු ගනුදෙනු කටයුතු, කාඩ්පත් සේවා සහ ඩිජිටල් ගනුදෙනු වැඩිවීම ද මෙම ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම වර්ධනයට සහාය විය.
මීට අමතරව විදේශ විනිමය ගනුදෙනුවලින් බැංකුව 2025 වසරේ මුල් මාස නවය සඳහා රුපියල් බිලියන 4.2ක් උපයා ඇත. මෙය 2024 වසරේ එම කාල පරිච්ඡේදයේදී වාර්තා කළ රුපියල් බිලියන 2.0 ක අලාභයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි. විනිමය අනුපාතයේ වෙනස්වීම් සහ විශේෂයෙන් මෙම කාලය තුළ වාහන ආනයනය ඉහළ යාම හේතුවෙන් විදේශ මුදල් ගනුදෙනුවල කැපී පෙනෙන වර්ධනය මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය.
HNB හි අඛණ්ඩ අවදානම් කළමනාකරණය සහ ණය අයකර ගැනීමේ උත්සාහය හේතුවෙන් 2024 වසරේ අදාළ කාල පරිච්ඡේදයේදී වෙන් කළ රුපියල් බිලියන 3.2 ක හානිපූරණ ගාස්තුවට සාපේක්ෂව මෙම කාල පරිච්ඡේදයේදී බැංකුව රුපියල් බිලියන 7-5 ක හානිපූරණ ප්‍රතිවර්තනයක් වාර්තා කර ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි.
2025 නොවැම්බර් මස 21
163
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
234
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1104
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හැටන් නැෂනල් බැංකුවේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක්