IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හංගේරියාව ලංකාවට දුන් යුරෝ මිලියන 30 ක ණය ප්‍රතිව්‍යූුහගත කෙරේ


විමුක්ති එස් රුද්‍රිගු


හංගේරියාව මෙරටට ලබාදී තිබූ යුරෝ මිලියන 30 ක ණය මුදලක් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ හංගේරියාව පසුගියදා ද්වී පාර්ශ්වික ණය ගිවිසුමකට අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

හංගේරියානු අපනයන ණය රක්ෂණ පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය ණය ද්වී පාර්ශ්වික ගිවිසුමට එළැඹුණු බවත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද, හංගේරියානු අපනයන ණය රක්ෂණ පෞද්ගලික සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂිකාවක වන ගියෝගී රෙහොරෙග් සහ අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානියකු වන ආචාර්ය ඒඩ්‍රියන් හේගී යන මහත්ම මහත්මින්ද, ගිවිසුමට අත්සන් තැබූ බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ද්වී පාර්ශ්වික ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණයවලට සහනයක් ලබාදීමට හංගේරියාව එකඟ වූ බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.



අදහස් (0)

හංගේරියාව ලංකාවට දුන් යුරෝ මිලියන 30 ක ණය ප්‍රතිව්‍යූුහගත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site