
සෙලින්කෝ ලයිෆ්, රක්ෂණ ඔප්පු හිමියන් 103 දෙනකුට රන් තිළිණ පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය. සමාගමේ 14 වන ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ 3 වන දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් සඳහා පිරිනමන ලද රන් තිළිණවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 5 ක් වූ අතර ප්‍රධාන ත්‍යාගය වූ රුපියල් මිලියනයක් වටිනා රත්තරන් මාතර ප්‍රදේශයේ වාසනාවන්තයකු විසින් හිමිකරගත් අතර රුපියල් 250,000 බැගින් රන් තිළිණ මොරටුව සහ පිළියන්දල ප්‍රදේශ වල ඔප්පුහිමියෝ දිනාගත්හ. මීට අමතරව බද්දේගම, බණ්ඩාරවෙල, මඩකලපුව, කොටහේන සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල ජයග්‍රාහකයන් 5 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා රත්තරන් බැගින් හිමි විය.
තවත් රක්ෂණ ඔප්පු හිමියන් 25 දෙනකු සඳහා රුපියල් 50,000 බැගින් වටිනා රන් තිළිණ සහ තවත් වාසනාවන්තයන් 70 දෙනකුට රුපියල් 25,000 බැගින් වටිනා රන් තිළිණ පිරිනමන ලදි. මෙම වසරේ තවත් දිනුම් ඇදීම් 3ක් පැවැත්වීමට නියමිත අතර සමස්ත වශයෙන් රක්ෂණ ඔප්පු හිමි 618 දෙනෙක් මිලියන 30 ක් වටිනා රන් තිළණ හිමිකර ගැනීමට සමත් වනු ඇත. මීට පෙර ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහනෙන් පිරිනමන ලද විදෙස් රටවල සහ ශ්‍රී ලංකාව තුළ සංචාර වෙනුවට රන් තිළිණ පිරිනැමීමට පියවර ගන්නා ලද්දේ කොරෝනා වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් පැන නැගූණු සංචාරක සීමාවන් සහ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම සැලකිල්ලට ගනිමිනි.
2025 දෙසැම්බර් මස 04
537
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට ‘ෆැමිලි සවාරි’ රන් තිළිණ