IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


සිවුවෙනි වාරිකය මුල්‍ය අරමුදලෙන් කොළ එළියක්

තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය?
‘‘2025 අයවැය”‍ ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරලා
සිවුවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක්
 2024 වසරේ තෙවැනි සහ සිවුවැනි කාර්තුවල සියයට 5.5 ක පමණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගෙන
පසුගිය වසරේදී මෙරට නිල සංචිත ඩොලර් බිලියන 6.1ක් 


විමුක්ති එස්. රුද්‍රිගු


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව ‘‘2025 අයවැය”‍ ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර් කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් කොසැක් මහත්මිය ප්‍රකාශ කර සිටියේ, තෙවැනි සමාලෝචනය විධායක කමිටු අනුමැතිය සඳහා ඉදිරි සති කීපයේදී ඉදිරිපත් කරනු ඇති බවත්, විධායක කමිටු අනුමැතිය ලැබීමෙන් පසු සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත්ය.

ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කර දී තිබෙන බවද එම මහත්මිය පැවැසුවාය. 2024 වසරේ තෙවැනි සහ සිව්වැනි කාර්තුවල සියයට 5.5 ක පමණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගෙන තිබෙන බවද කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය. එසේම සිව්වැනි කාර්තුවේදී ඉලක්ක කළ උද්ධමන මට්ටමට වඩා අඩු මට්ටමක් පහසුවෙන් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවද ඒ මහත්මිය පැවැසුවාය. පසුගිය වසරේදී මෙරට නිල සංචිත ඩොලර් බිලියන 6.1 දක්වා වැඩි වී තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීමට එම අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ තෙවැනි සමාලෝචනය සිදුකරන ලද්දේය. තෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල එකඟතාවට පසුගිය නොවැම්බර් මස 23 වැනිදා එළැඹිණි. 



අදහස් (0)

සිවුවෙනි වාරිකය මුල්‍ය අරමුදලෙන් කොළ එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රවීන්ද්‍ර එදිරිසිංහ ලාෆ්ස් ගෑස් - ලාෆ්ස් පවර් අධ්‍යක්ෂ මණ්ඩලයට
2025 මැයි මස 09 0 0

ලාෆ්ග් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් පවර් පීඑල්සී යන සමාගම්වල නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස රවීන්ද්‍ර ප්‍රභාත් එදිරිසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසය


ජෙගදීසන් දුරෙයිරත්නම් ටෝකියෝ සිමෙන්ති අධ්‍යක්ෂ මණ්ඩලයට
2025 මැයි මස 09 2 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජෙගදීසන් දුරෙයිරත්නම් මහතා පත් කරගත්


Prime රෙසිඩන්සීස් නවතම ව්‍යාපෘතිය ‘One Tangalle’ වැඩ ඇරඹේ
2025 මැයි මස 09 2 0

ශ්‍රී ලංකාවේ දක්ෂිණ සාගරය හා තංගල්ල කලපුව හමු වන මනරම් නිසංසල පරිසරයක පිහිටා ඇති One Tangalle’ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා නිල වශ


FitsAir ගුවන් සමාගම ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි
2025 මැයි මස 09 7 0

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට


BWIO රන් සම්මානයෙන් EKRO Lanka Trading පිදුම් ලබයි
2025 මැයි මස 09 6 0

EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදා හරින්නා ලෙස රන් සම්මාන ලැබුවේය.


කොමර්ෂල් බැංකුව සහ මයික්‍රො සමාගමෙන් ආකර්ෂණීය ලීසිං ප්‍රවර්ධනයක්
2025 මැයි මස 09 6 0

මයික්‍රෝ කාර්ස් ලිමිටඩ් සමාගම දේශීයව එකලස් කරන හෝ නිෂ්පාදනය කරන සියලුම වාහන පරාස සඳහා ආකර්ෂණීය ලීසිං පහසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ හව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1252 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site