IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සොෆ්ට්ලොජික් ලයිෆ් අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා අත්පත් කරගනී

  • SL Insurance Lanka ltd නමින් නව සමාගමක් ස්ථාපිත කෙරේ 

භානුක අමරසිංහ 


සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ සියයට 100 ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගත් බව පවසයි. 

මේ සඳහා වන ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂමේ අනුමැතිය පසුගිය ජූලි 02 වැනිදා එම සමාගම වෙත හිමිවීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ. 

මෙම අත්පත් කරගැනීමත් සමගින්ම අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත්වෙයි. 

එසේම එය ඉදිරියේදී SL Insurance Lanka ltd. ලෙස නම් වෙනස් කර මෙහෙයුම් සිදු කරනු ඇතැයිද සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම පවසයි. 

මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම සහ ජාත්‍යන්තර Allianz SE සමූහය අතර එකඟතාවට පිවිසීම පසුගිය මාර්තු මාසයේදී සිදුවිය. කෙසේ වෙතත් මෙම ගනුදෙනුවේ වටිනාකම පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත. 

මේ අතර අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය රක්ෂණ මෙහෙයුම් කටයුතු ඉදිරියටත් එම සමාගම යටතේ පවත්වාගෙන යන බවද අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

සොෆ්ට්ලොජික් ලයිෆ් අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා අත්පත් කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site