IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය මාලිගාවත්තේ දී

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සේවා පුළුල් කරමින් ආරම්භ කරන ලද පළමු කලාප කාර්යාලය මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ දී පසුගියදා විවෘත විය.

“සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියේ සෑම පවුලකටම සැප පහසු නිවසක්”‍ සංකල්පය යටතේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉදිරි කාලයේ දී ආරම්භ කිරීමට නියමිත කලාප කාර්යාල 4 අතරින් පළමු නියමු කලාප කාර්යාලය මෙය වේ. එකී කාර්යාලය එම අධිකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න සහ සාමාන්‍යාධිකාරී ආචාර්ය ඉඳුනිල් ලියනගේ යන මහත්වරු අතින් විවෘත කෙරිණි.

අධිකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න සහ සාමාන්‍යාධිකාරී ආචාර්ය ඉඳුනිල් ලියනගේ යන මහත්වරුන්ගේ සංකල්පයක් පරිදි සහාධිපත්‍ය දේපළ නියාමන, නඩත්තුව, අනවසර ඉදිකිරීම් වැළැක්වීම සහ ඉවත් කිරීම වේගවත් කිරීම මෙම කලාප කාර්යාල පිහිටුවීමේ අරමුණකි. එසේම රජයේ ප්‍රතිපත්තිය යටතේ අලුතින් ඉදිකෙරෙන මහල් නිවාස සංකීර්ණ නියාමනය කිරීම මෙම කලාප කාර්යාල මගින් පහසුවෙන් ඉටු කිරීමට යෝජිතය.

මූලික අදියර ලෙස අධිකාරිය මගින් මාලිගාවත්ත මහල් නිවාස ක්‍රමය සම්බන්ධයෙන් හා නිවාස වාසීන්ට කලාප කාර්යාලයෙන් ඉතාම ඉක්මනින් තමන්ට ඇති වන ගැටලු සම්බන්ධයෙන් මැදිහත්වීම සිදු කර ගත හැකි වනු ඇත.

රට පුරා ශීඝ්‍රව ව්‍යාප්ත වන රාජ්‍ය සහ පෞද්ගලික මහල් නිවාස අධීක්ෂණය හා නියාමනය සඳහා කොළඹින් බැහැර පළාත් තුළ පළාත් කාර්යාල ආරම්භ කිරීමට ද කටයුතු කරමින් සිටින බවට සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරිවරයා අදහස් ප්‍රකාශ කළහ.

ජායාරූපය

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමු කලාප කාර්යාලය එහි සභාපති නීතිඥ සරණ කරුණාරත්න සහ සාමාන්‍යාධිකාරි ආචාර්ය ඉඳුනිල් ලියනගේ යන මහත්වරු අතින් විවෘත කෙරුණු අවස්ථාව. මෙම අවස්ථාව සඳහා මාලිගාවත්ත කලාපය භාර සහකාර සාමාන්‍යාධිකාරි (මෙහෙයුම් නඩත්තු) රංජලා හේවගේ මහත්මිය ද සහභාගි වූවාය.

 



අදහස් (1)

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය මාලිගාවත්තේ දී

වසන්ත රාජපක්ෂ Monday, 07 October 2024 08:43 PM

ඔබගේ අධිකාරියෙන් කිසිම නිසියාකාර සේවයක් නොකරේ. යම් පැමිණිල්ලක් දැමූ විට එය විභාග කර පසු එය ඔබ අධිකාරියේ ආදායම් මාර්ගයක් කරගනී. පැමිණිලිකරුව මාස ගණන් රස්තියාදු කරයි. මේ වගේ. බොරු කරන කිසිම අධිකාරියක් නොමැත. අලුත් ජනාධිපතිතුමාව මේ සම්බන්ධව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 91 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 930 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site