සහස්දනවි බලාගාරය සම්බන්ධයෙන් මතුකෙරෙමින් පවතින කරුණු පිළිබඳව එම සමාගමේ ස්ථාවරය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත්කර තිබේ. මතු දැක්වෙන්නේ එම නිවේදනයයි.
මෑතකදී සහස්දනවි බලාගාරයේ සමතුලිත ගාස්තුව (Levelized Cost) පිළිබඳව යම් යම් පාර්ශවවලට වැරදි අවබෝධයක් ඇති වී තිබෙන අතර ඒ පිළිබඳව නිවැරදි කරුණු පැහැදිලි කිරීම මෙම ප්‍රවෘත්ති නිවේදනයේ අරමුණයි.
සහස්දනවි බලාගාරය යනු ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් ප්‍රකාශයට පත් කරන ලද හා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUSL) අනුමත කර ඇති දීර්ඝකාලීන ජනන ව්‍යාප්ති සැලැස්මේ (Long - Term Generation Expansion Plan) සඳහන් ව්‍යාපෘතියකි. ජාතික විදුලිබල පද්ධතියේ පද්ධති ස්ථායිතාව සහ තාක්ෂණික ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම බලාගාරය අත්‍යවශ්‍ය වේ.
2021 දෙසැම්බර් මාසයේදී, කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුව වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් අනුගමනය කරමින් 350 MW LNG$ ඩීසල් ඉන්ධන ද්විත්වයෙන්ම ක්‍රියාත්මක කළහැකි සංයුක්ත චක්‍ර බලාගාරයක් (Combined Cycle Power Plant) සඳහා යෝජනා සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. සීමාසහිත සහස්දනවි සමාගම විසින් අවම එකක මිල සහිත ප්‍රතිචාරාත්මක ලංසුව (Lowest Responsive Bid) ඉදිරිපත් කරන ලදී. කැබිනට් අනුමැතිය සහ PUCSL අනුමැතිය ලැබීමෙන් පසු, රජයේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා වූ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව විනිවිදභාවයෙන් සහ තරගකාරී ඇගයීම් ක්‍රියාවලියකින් පසුව 2023 දෙසැම්බර් මාසයේදී ව්‍යාපෘතිය ප්‍රදානය කරන ලදී. එකල රටේ පැවති වාතාවරණය හේතුවෙන් ව්‍යාපෘති ගිවිසුම්වලට එළඹීම තරමක් ප්‍රමාද විය.
සහස්දනවි බලාගාරය යනු බල ධාරිතාව සහතික කළ, සම්පූර්ණයෙන්ම ඉල්ලුම අනුව සැපයීම උච්චාවචනය කිරීමේ හැකියාව සතු (Dispatchable) බලාගාරයක් වන අතර, එය කාලගුණය මත රඳා පවතින සහ විදුලි සැපයීම සහතික කළ නොහැකි (Non- Dispatchable) පුනර්ජනනීය බලශක්ති බලාගාරවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ බලාගාරයකි. ‘සැපයිය හැකි’ (Dispatchable) යන්නෙන් අදහස් කරන්නේ, ජාතික විදුලි පද්ධතියේ විදුලි බල හිඟයක් පියවා ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ඉල්ලා සිටින ඕනෑම වේලාවක උපරිම බල ධාරිතාව දක්වා ඕනෑම ධරිතාවකින් විදුලි බලය සැපයීමට බලාගාරය සමත් වීමයි. ඉදිකිරීම් අවසන් වූ පසුව සහස්දනවි බලාගාරය වසර පුරා ක්‍රියාකාරී වන අතර, ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය වූ විට ඩීසල් මගින් 318 MW හෝ LNG මගින් 350 MW සැපයීමට හැකියාව ඇත. මෙම බලාගාරය සම්පූර්ණ ධාරිතාවෙන් යුතුව වාර්ෂිකව සියයට 90 ට වඩා කාලයක් විදුලිය ලබා ගැනීමේ හැකියාවක් සහතික කරන අතර, වාර්ෂිකව සැපයීමේ හැකියාව සියයට 90 ට වඩා අඩු වුවහොත් සහස්දනවි සමාගම දඩ මුදල් සඳහා යටත්වේ.
වැදගත්ම දෙය නම්, මෙම බලාගාරය ‘ඉල්ලුම මත සැපයීමේ‘ (Dispatch on Demand) යාන්‍ත්‍රණයක් යටතේ ක්‍රියාත්මක වීමයි. අවශ්‍ය නොවන්නේ නම්, බලාගාරයෙන් විදුලිය භාවිත කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය බැඳී නැත. බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති කාලවලදී, ”ධාරිතා ගාස්තුව” (Capacity Charge) ලෙස හඳුන්වන ස්ථාවර ගාස්තුවක් පමණක් (දළ වශයෙන් රු. 6.5/kWh) ගෙවනු ලැබේ. බලාගාරයට ගෙවන අන් ගාස්තුව වන්නේ බලශක්ති ගාස්තුව (Energy Charge) වන අතර, විදුලි ජනන මිලෙහි ආරෝහණ අනුපිළිවෙළ (Merit Order /යෝග්‍යතා අනුපිළිවෙළ) මත විදුලිය උත්පාදනය කිරීමට කැඳවන විට පමණක් බලශක්ති ගාස්තුව ගවනු ලැබේ. යෝග්‍යතා අනුපිළිවෙළ මත සැපයීම යනු, පවතින ඉන්ධන පිරිවැය මත පදනම්ව අඩු බලශක්ති පිරිවැයක් ඇති අනෙකුත් සියලුම බලාගාර කැඳවීමෙන් පසුව උත්පාදනය කිරීමට අදාළ බලාගාරය කැඳවීමයි.
බලශක්ති ගාස්තුව (Energy Charge)” ඉන්ධන ගාස්තුව (බලශක්ති ගාස්තුවෙන් සියයට 98ක් පමණ) සහ නඩත්තු ගාස්තුව යන කොටස් ද්විත්වයකින් සමන්විතය. ඉන්ධන ගාස්තුව kJ/kWh (ml/kWh) වලින් දැක්වෙන අතර, එබැවින් එය පවතින ඉන්ධන මිල සමග වෙනස් වේ. බලශක්ති ගාස්තුව ගෙවනු ලබන්නේ බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන විට පමණක් වන අතර, එය ඉන්ධන මිල සහ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමේ (PPA) එකඟ වූ ඉන්ධන පරිභෝජන අනුපාතය මත පදනම්වේ. වත්මන් වෙළෙඳපොළ මිල අනුව, ඩීසල් මත බලශක්ති ගාස්තුව රු. 57/kWh පමණ වන අතර, LNG මත රු. 33$kWh පමණ වේ. ඩීසල් ක්‍රියාකාරිත්වයේදී, ඉන්ධන පිරිවැය පමණක් රු. 55.86/kWh පමණ වන අතර එය සෘජුවම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවනු ලැබේ. කෙසේ වෙතත්, බලාගාරය 2028 දී නිම කිරීමට අපේක්ෂා කරන අතර, අදාළ බලශක්ති ගාස්තුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නියම කරන ඩීසල් මිල (හෝ LNG සඳහා ශ්‍රී ලංකා රජය විසින් නියම කරන මිල) මත රඳා පවතින අතර, එය වර්තමාන මිලට වඩා අඩු හෝ වැඩි විය හැකිය.
වර්තමානයේ මෙම ව්‍යාපෘතිය කෙරෙහි විවේචන එල්ල වීමට ප්‍රධාන හේතුවක් වුයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කරන ලද කැබිනට් පත්‍රිකාවේ අඩංගු සමතලිත ගාස්තුව (Levelized Tariff) සම්බන්ධයෙන් ඇති වැරදි වැටහීමකි. කැබිනට් පත්‍රිකාවේ සඳහන් අගය ප්‍රසම්පාදන ලංසු ලේඛනයේ පළ කරන ලද නිර්ණායක අනුව ගණනය කරන ලද සමතලිත ගාස්තුවක් වන අතර, පහත සඳහන් හේතූ මත ලංකා විදුලිබල මණ්ඩලය විසින් දරනු ලබන සැබෑ පිරිවැය නියෝජනය නොකරයි. සමතලිත ගාස්තුව යනු කොන්ත්‍රාත් කාලය තුළ සාමාන්‍ය ඒකක මිල සඳහා වන න්‍යායික අගයක් වේ. එය ලංසු ක්‍රියාවලියේ ඇගයීම් අරමුණු සඳහා a) ස්ථාවර ඉන්ධන මිල සහ විනිමය අනුපාත අගයන් අනුව, b) සියයට 100, සියයට 80, සියයට 60 යන ජනන ධාරිතාවලදී එකිනෙකට වෙනස් වූ ක්‍රියාකාරී පැය ගණන් වලදි, හා c) 25 වසරක ව්‍යාපෘති කාලය සඳහා වාර්ෂිකව සියයට 10 ක වට්ටම් අනුපාතයක් සහ ස්ථාවර පාරිභෝගික මිල දර්ශක අනුව කරන ලද ගණනය කිරීමකි. එසේ කරනු ලබන්නේ සියලුම ලංසුකරුවන් ඇගයීමේදී සාධාරණත්වය සහතික කිරීම සඳහා පමණක් වන අතර, සැබෑ ගෙවීම් ඉන්ධන පිරිවැය, විනිමය අනුපාතය, පාරිභෝගික මිල දර්ශකය වැනි විචල්‍යයන් කිහිපයක් මත රඳා පවතින බැවින් බලාගාරයට සිදු කරන සැබෑ ගෙවීම් එමඟින් පිළිඹිබු නොකෙරේ.
අවසන් කරන ලද බලය මිලදී ගැනීමේ ගිවිසුම (PPA) 2024 දෙසැම්බර් වන විට සූදානම්ව තිබූ අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය විය. 2025 ජනවාරි 31 දිනැති කැබිනට් පත්‍රිකාවේ රු. 20.15/kWh සමතුලිත ගාස්තුව ගණනය කර ඇත්තේද RFP හි ප්‍රකාශයට පත් කරන ලද උපකල්පන මත පදනම්වය. සමතලිත ගාස්තුව වෙනත් ආකාරයකින් ගණනය කිරීම ඇත්ත වශයෙන්ම RFP නිර්ණායක අනුව නොමග යවන සුළු සහ වැරදි සහගත වනු ඇත. බොහෝ විවේචකයන් චෝදනා කරන්නේ, බලාගාරය දැනට ක්‍රියාත්මක වූයේ නම් 2025 දී ගෙවිය යුතු සැබෑ ගාස්තුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවයි. කෙසේ වෙතත්, බලාගාරය 2028 දී පමණක් එහි පළමු විදුලි ඒකකය ජනනය කිරීමට අපේක්ෂා කරන බැවින්, 2025 සඳහා ගාස්තුවක් උපුටා දැක්වීම අර්ථ විරහිත සහ සාවද්‍ය කරුණකි. තවද, අතීතයේ සෑම කැබිනට් පත්‍රිකාවකම “සමතුලිත ගාස්තුව” මත පදනම්ව අනුමැතිය ලබා දී ඇති අතර, මෙම අවස්ථාවේදී එම ප්‍රවේශයම අනුගමනය කර ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් සමතලිත ගාස්තුව සහ PPA එක සමාලෝචනය කර, 2025 අප්‍රියෙල් 01 දිනැති ඔවුන්ගේ ලිපිය මගින් අනුමත කර ඇත. තවද PPA එක සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියද 2025 ජනවාරි 30 දින ලබාදී ඇත.
මෙම බලාගාරය ඉදිකිරීමෙන් පසුව, එය 318 MW (LNG සමඟ 350 MW) දක්වා අඛණ්ඩව ස්ථාවර බල ධාරිතාවකින් යුතුව දිනකට 7,632 MWh (හෝ LNG සමඟ MWh) දක්වා විදුලි ඒකක ජනන හැකියාවක් සහතික කළ හැක. බලාගාරය මෙම බල ධාරිතාව සහ බලශක්ති සැපයුම 24/7 (පැය විසි හතර පුරාම, සතියේ සෑම දිනකම) සහතික කරයි. කාලගුණය මත රඳා පවතින, විදුලි සැපයුම විටින් විට වෙනස් වන පුනර්ජනනීය බලාගාර, වැඩි වැඩියෙන් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන විට පද්ධති ස්ථායීතාවය සහතික කිරීම සඳහා සහස්දනවි වැනි විදුලි බලාගාර අත්‍යවශ්‍ය වේ. සහස්දනවි යනු පුනර්ජනනීය විදුලි ජනනය නතර කොට ඒ වෙනුවට ඉදිකරන බලාගාරයක් නොව පුනර්ජනනීය බලශක්තිය නිසි ලෙස පද්ධතියට අවශෝෂණය කිරීම වැඩි දියුණු කිරීමට ඉදිකරන බලාගාරයකි. මෙම ආකාරයේ සහතික කළ, විදුලි උත්පාදනය කළ හැකි බලාගාර තාප හෝ විශාල ජල විදුලි බලාගාර හැර වෙනත් කිසිදු තාක්ෂණයකින් ප්‍රතිස්ථාපනය කළ නොහැක. උදාහරණයක් වශයෙන් සහස්දනවි බලාගාරයේ තාක්ෂණික තත්වයට අනුකූල බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (Battery Energy Storage System – BESS) ඉදිකරනු ලබන්නේ නම් මෙගාවොට් 1718 ක ජනන ධාරිතාවක් සහිත මෙගාවොට් පැය 15,264 ක විදුලිබලයක් ගබඩා කිරීමේ හැකියාව සහිත බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ඉදිකළ යුතුවේ. ඒ සඳහා සහස්ධනවි බලාගාරය ඉදිකිරීම සදහා දරනු ලබන පිරිවැය මෙන් හය ගුණයක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.75ත් ඩොලර් බිලියන 2.2ත් අතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. එසේ වුවහොත්, සහස්දනවි බලාගාරයේ ධාරිතා ගාස්තුව වන කිලෝවොට් පැයක් සදහා රු 6.5 වෙනුවට කිලෝ වොට් පැයක් සදහා රු. 37 ක මුදලක් විදුලිබල මණ්ඩලයට දැරීමට සිදුවේ. එසේම මෙම බැටරි ගබඩා පද්ධතිය ආරෝපණය කිරීම සඳහා අපේක්ෂිත විදුලි නිෂ්පාදනය මෙන් 1.1 ගුණයක් වැය වන අතර බැටරි පද්ධතියෙන් 50% විදුලිබල පද්ධතියට නිදහස් කළ විටදී එය නැවත ආරෝපණය කිරීමට තවත් බලාගාරයක් සක්‍රීය කළ යුතුය. එය පුනර්ජනනීය බලාගාරයක් වේ නම්, Standby මට්ටමේ තිබෙන මෙගාවොට් 1400 ක ධාරිතාවයෙන් යුතු සූර්ය හෝ මෙගාවොට් 730 ධාරිතාවකින් යුතු සුළං බලාගාරයක් විය යුතුය. එලෙස විදුලිබලය ලබාදිය හැකි Standby මට්ටමේ තිබෙන සූර්ය හෝ සුළං බලාගාරයක් මෙරට තුළ නොමැති අතර යම් හෙයකින් එවැනි බලාගාරයක් ඉදිකළ හොත් එය අවශ්‍ය අවස්ථාවලදී බැටරි ආරෝපණය සඳහා විදුලිය ලබාදීමට සූදානමින් තැබුවහොත් පෙරසූදානම් ගාස්තුවක් (Standby Charge) ගෙවීමට සිදුවනු ඇත. එය දළවශයෙන් කිලෝවොට් පැයක් සදහා රුපියල් 20 පමණ වනු ඇත.
සහස්දනවි බලාගාරය හදිසි අවස්ථා සහ උපරිම ඉල්ලුම් කාලවලදී විශ්වසනීය, උත්පාදනය කළ හැකි, පිරිවැය-ඵලදායී විදුලිය සැපයීම සඳහා නිර්මාණය කරන ලද තීරණාත්මක ජාතික වත්කමක් වනු ඇත. එය උපායමාර්ගිකව වැදගත්, වේගයෙන් ප්‍රතිචාර දක්වන, විදුලිබල පද්ධතිය ස්ථායීකරණය කරන සම්පතකි. සහස්දනවි සඳහා, විදුලි බල මණ්ඩලය සඳහා වන ධාරිතා ගාස්තු පිරිවැය අවම වන අතර, බලශක්ති ගාස්තු ගෙවීම් සිදු වන්නේ විදුලිය උත්පාදනය අවශ්‍ය වූ විට පමණි. සමතුලිත ගාස්තුව සත්‍ය ගෙවීම් කෙරෙහි කිසිදු බලපෑමක් නොකරන අතර, ජාත්‍යන්තර භාවිතයට අනුකූලව එය ලංසු ඇගයීම් සඳහා පමණක් භාවිත කරන ලදී.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
සහස්දනවි මොකද වෙන්නේ?