IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සීසන් එකකින් පස්සේ බිස්නස් අඩුවීම සාමාන්‍යයි


ශෂිකා අබේරත්න


නුගේගොඩ යනු ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇති ජනාකීර්ණ නගරයකි. එහි කොටසක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සීමාවටත් කොටසක් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවල සීමාවටත් අයත්ය. උත්සව සමයන්හිදී නුගේගොඩ පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරී යයි. ප්‍රසිද්ධ බෝ ගහ හන්දිය අසල ඇඳුම් කඩ සඳහා නුගේගොඩ ප්‍රසිද්ධය. මේ දිනවල බිස්නස් පිළිබදව දැන ගැනීමට අප ගොඩ වූයේ දිනිතු ටෙක්ස්ටයිල් වෙතය. එහි හිමිකරු වූ සුරේෂ් කුමාර් මහතා අප හා අදහස් දැක්වූයේ මෙලෙසිනි.


මේ දිනවල බිස්නස් කොහොමද?
මම අවුරුදු 8 ක ඉදන් නුගේගොඩ බිස්නස් කරන්නේ. අප්‍රේල් කියන්නේ සීසන් එකනේ. ඒ කලේ බිස්නස් තිබ්බා. එහෙත් ගිය අවුරුද්දට සාපේක්ෂව බිස්නස් අඩු වුණා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් හොදටම අඩුයි. කොහොමත් සීසන් එකකින් පස්සේ බිස්නස් අඩු වෙන එක සාමාන්‍යයි. 


බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වීමට බලපාන ප්‍රධාන හේතුව තමයි මිනිස්සු ළග සල්ල්ලි නැතිකම. අපි මහා පරිමාණ ඇඳුම් ව්‍යාපරිකයෝ නෙමෙයි. ඒ නිසා ධනපති පන්තියේ අය අපි ළගට ඇඳුම් ගන්න එන්නේ නෑ. එයාලා යන්නේ නුගේගොඩ තියන නමගිය වෙළෙදසැල්වලට. අපි ළගට එන්නේ සාමාන්‍ය ආර්ථික මට්ටමක් තියන පොඩි මිනිස්සු. එයාලට මහාපරිමාණෙන් ඇඳුම් මිලදී ගන්න සල්ලි නෑ. ඒ නිසා අපිට බිස්නස් අඩුයි. 
අනික අවුරුදුවලට අඩුම ආර්ථික මට්ටමක කෙනෙක් වුණත් කොහොමහරි ඇඳුමක් ගන්නවා. ඒ නිසා මේ දවස්වල බිස්නස් අඩුයි. මේ දවස්වල අපිට බිස්නස් එකක් කරගන්න පුළුවන් වෙන්නේ සුදු ඇඳුමවලින් තමයි. වෙසක් පොසොන් නිසා පාරිභෝගිකයෝ සුදු ඇඳුම් මිලදී ගන්නවා. බිස්නස් අඩු වෙන්න තව හේතුවක් තමයි ඇඳුම්වලට නුගේගොඩට වඩා ප්‍රසිද්ධ කොළඹ පිටකොටුව සහ මහරගම පමුණුව. ඒ තැන්වලින් මිල ගණන් අඩුවෙන් රෙදි මිලදී ගන්න පාරිභෝගිකයන්ට පුළුවන්. තොග වශයෙන් ගන්නත් පුළුවන්. නුගේගොඩ අය වුණත් දුර ගැන හිතන් නැතුව ඒ තැන්වලට යනවා. හදිස්සියකට ඇදුමක් ගන්න ඕන වුණොත් තමයි අපි ළගට එන්නේ.

ඡායාරූප
ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (0)

සීසන් එකකින් පස්සේ බිස්නස් අඩුවීම සාමාන්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site