(ෆර්න්බරෝහිදීය (රොයිටර්)
ඉදිරියේදී ගුවන් අවකාශ සහ සිවිල් ගුවන් සේවා කර්මාන්තයට වැඩි වැඩියෙන් කාන්තාවන් ආකර්ෂණය කරගැනීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම්වල විධායක නිලධාරීන් එකඟතාවක් ඇති කරගෙන ඇත.
ක්ෂේත්‍රයේ මේ වනවිට ගුවන් නියමුවන්ගේ හිඟයක් ඇති වී තිබෙන අතර ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ කළමනාකරුවන්ගෙන් බොහෝ දෙනා පිරිමින්ය. ගුවන් සේවා ක්ෂේත්‍රය යනු සාම්ප්‍රදායිකව පුරුෂ ආධිපත්‍යය සහිත ක්ෂේත්‍රයකි.
කෙසේ නමුත් සේවයේ යොදවා තිබෙන කාන්තාවන් සංඛායව අඩු වීම නිසා මෙම ක්ෂේත්‍රයට දැවැන්ත පීඩනයක් එල්ල වී තිබේ. විශේෂයෙන්ම ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනියන්ගේ සහ ගුවන් නියමුවරියන්ගේ සංඛ්‍යාව අඩුවීම ඉන් ඉන් කැපී පෙනේ. එමෙන්ම ක්ෂේත්‍රයේ ගුවන් නියමුවන්ගේ සංඛ්‍යාව අඩුවීම ද කර්මාන්තයේ වර්ධනය අවදානම් තත්ත්වයකට පත්කර ඇත.
ගෝලීය ගුවන් නියමු සංඛ්‍යාවෙන් නියමුවරියන් සිටින්නේ සියයට 3ත් 4ත් අතර පිරිසක් යැයි කපිතාන්වරියක වන මනී මන් සඳහන් කළාය.
ගුවන් අවකාශ සහ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එක්සත් රාජධානියේදී පැවැති සමුළුවකදී ඉහත කරුණු සාකච්ඡා වී තිබේ.
මෙහිදි ප්‍රඥප්තියකට ද අත්සන් තබා තිබෙන අතර ක්ෂේත්‍රයේ විවිධ රැකියා අවස්ථාවලට කාන්තාවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවක් ද ඇති කරගෙන තිබේ. එමෙන්ම ක්ෂේත්‍රයේ දැනට විවිධ තනතුරු හොබවන කාන්තාවන් ඉහළ සහ ප්‍රධාන පෙළේ තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදි තවත් එකඟතාවක් ඇති කරගෙන ඇත.
(055)
2025 දෙසැම්බර් මස 04
536
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිවිල් ගුවන් සේවා කර්මාන්තයට කාන්තාවන් ආකර්ෂණය කර ගැනීමට එකඟතාවක්