විමුක්ති එස් රුද්‍රිගු
ස්විස් ව්‍යාපාර සමග සම්බන්ධ වන්න: නව හවුල්කාරිත්ව ගවේෂණය කරන්න” යන තේමාව යටතේ ස්වීඩනයේ සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සම්බන්ධ කරන සුවිශේෂී ජාලකරණ සැසියක් එළැඹෙන 16 වැනිදා ලංකා වාණිජ මණ්ඩල පරිශ්‍රයේදී පස්වරු 12 සිට 2 දක්වා පැවැත්වෙන බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මෙම සුවිශේෂී ජාලකරණ සැසියේදී ස්වීඩනයේ ප්‍රමුඛ පෙළේ සමාගම් සහ ශ්‍රී ලාංකික ව්‍යාපාර එක් තැනකට ගෙනඑනු ඇති බවත් හවුල්කාරිත්වයක් ගොඩනගා ගත හැකි අවස්ථා සහ ආයෝජන අවස්ථා පිළිබඳව එහිදී සොයා බලනු ඇති බවත් ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. ඉදිකිරීම් සහ විදුලි සංදේශ අංශ කෙරෙහි විශේෂ අවධානයක් එහිදී යොමු කරනු ඇති බවද ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
ස්විට්සර්ලන්ත ව්‍යවසාය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව ගොඩනඟා ගැනීමට අපේක්ෂා කරන යටිතල පහසුකම් සංවර්ධනය, ඉංජිනේරු සේවා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, විදුලි සංදේශ, දන්ත සේවා සහ මූල්‍ය සේවා යන ක්ෂේත්‍රවල නියැලී සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා මෙය කදිම අවස්ථාවක් බවද ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වීඩන්- ශ්‍රී ලංකා ව්‍යාපාර සම්බන්ධ කරන ජාලකරණ සැසියක් 16 වැනි දා