සෙලාන් බැංකුවේ දායකත්වය මෙගින් Cinnamon Nature Trails සහ Cinnamon Hotels සංවිධානය කළ ‘The Impossible Shot’ වැඩටහන නොබෝදා Cinnamon Life හි දී පැවැත්විණි.
වනජීවී ඡායාරූපකරණය ප්‍රවර්ධනය කිරීම සහ පරිසර සංරක්ෂණයෙහි වැදගත්කම පෙන්වා දීම අරමුණු කර ගත් මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ සම්මානලාභී ලෝ ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පියකු වන පෝල් ගෝල්ඩ්ස්ටීන් (Paul Goldstein) විසිනි.
වැඩසටහනට සහභාගී වූවන්ට ස්වභාවධර්මයේ සුවිශේෂී අවස්ථා සහ සිදුවීම් රැසක ඡායාරූප දැකබලා ගැනීමට අවස්ථා උදා විය. වැඩසටහන මෙහෙය වූ පෝල් ගෝල්ඩ්ස්ටීන් මහතා වසර 40 කට අධික කාලයක් පුරා පරිසර හිතකාමියකු, සහ ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කර ඇත. ඔහු ලොව මහද්වීප හත පුරා සංචාරය කරමින් ස්වභාවධර්මයේ දුර්ලභ හා සුවිශේෂී අවස්ථා රාශියක් සිය කැමරාවට හසුකරගෙන තිබේ. චතුර කථිකයකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලන ගෝල්ඩ්ස්ටීන් මහතා සතු සුවිශේෂී උපදේශන සහ නායකත්ව ශෛලිය හේතුවෙන් ඔහු පරිසර සංරක්ෂණය සහ නායකත්ව ශෛලිය හේතුවෙන් ඔහු පරිසර සංරක්ෂණය සහ වනගත සංචාර සම්බන්ධ උනන්දුව දක්වන්නකු ලෙස ද කීර්තියක් දිනා සිටී. තවද ඒ මහතා අප්‍රිකාව, ආසියාව, දකුණු ඇමරිකාව සහ ධ්‍රැවීය ප්‍රදේශවල වනජීවී නිරීක්ෂණ සංචාර රැසකට නායකත්වය ලබා දී ඇති අතර, මේ සියල්ල තුළින් ඔහු ලද අත්දැකීම් සම්භාරය ‘The Impossible Shot’ වැඩසටහන සාර්ථක කරගැනීමට සුවිශාල පිටිවහලක් විය.
මෙම වැඩසටහන අතරතුරදී ශ්‍රී ලංකාවේ සම්මානලාභී වනජීවී ඡායාරූප ශිල්පියකු, පරිසර සංරක්ෂණවේදියකු මෙන්ම Cinnamon Nature Trails උප සභාපතිවරයාද වන චිත්‍රාල් ජයතිලක මහතා විසින් ‘Chasing a Dream’ යන තේමාව යටතේ විශේෂ ඉදිරිපත් කිරීමක්ද සිදුකරන ලදී. වනජීවී ඡායාරූපකරණයේ අභියෝග හා ජයග්‍රහණයන් පිළිබඳ වටිනා කරුණු රැසක් ඇතුළත් වූ මෙම ඉදිරිපත් කිරීම ‘The Impossible Shot’ වැඩසටහනේ තවත් වැඩි කළ අංගයක් විය.
පසුගිය කාලය තුළ සෙලාන් බැංකුව Cinnamon Nature Trails සහ Cinnamon Hotels සමග එක් වී පරිසර හිතකාමීත්වය ප්‍රවර්ධනය කරන මෙබඳු වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබේ. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති ආරක්ෂා කිරීමට වැදගත් වන විධිවිධාන ක්‍රියාවට නැංවීම මෙම ප්‍රයත්නයෙහි එක් ප්‍රධානතම අරමුණකි.
“’The Impossible Shot’ යනු අපගේ සේවාදායකයන්ට අමතක නොවන අත්දැකීමක් තිළිණ කරන අතරම, රටේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දීම් සඳහා අප දරන නිරන්තර උත්සාහයේ නවතම ප්‍රතිඵලය ලෙස හැඳින්වීමට පුළුවන්. අපගේ ජීවිතවලට පරිසරය මගින් සුවිශාල මෙහෙවරක් ඉටු වන බව අප හොඳින් දන්නවා. එබැවින් පරිසරය සුරැකීම සඳහා ඉදිරියේදී තවත් වැඩසටහන් රාශියක් සංවිධානය කිරීමට අප බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාවේ වනජීවීන් සම්බන්ධ අතිශය දුර්ලභ සිදුවීමක් වන අලින් රංචු වශයෙන් එක්රැස්වීම අවස්ථාවට සමගාමීව පවත්වන ‘Gathering of the Giants’ වැඩසටහනේ මීළඟ අදියර ඒ අතරින් ප්‍රධානයි. රටටත් රටේ ආර්ථිකයටත් තිරසර අනාගතයක් උදාකර දීම මෙහි ප්‍රධානතම අරමුණ වී තිබෙනවා. ‘‘සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සෙලාන් බැංකුව Cinnamon Nature Trails සහ Cinnamon Hotels එක්ව සංවිධානය කළ ‘The Impossible Shot’ නිමාව දකී