IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


සරසවි වරම් අහිමි සිසුන්ට උපාධියක් ගන්න පොලී රහිත ණයක්

(රංජන් කස්තුරි)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ  - 2017 විභාගය සමත් එහෙත් සරසවි වරම් අහිමි සිසුන්ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට පොලී රහිත ණය ලබාදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සඳහන් කරයි.

ඒ අනුව සිසුන් 5000 කට උපරිම රුපියල් ලක්ෂ 8ක් දක්වා ණයක් ලබා දෙන අතර එම මුදලින් උපාධිය හදාරා රැකියාවක් කරනවිට ණය ගෙවීමට හැකි බවද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

මානව හා සමාජ විද්‍යාව ,වාණිජ විද්‍යාව, ජීව විද්‍යාව,ඉංජිනේරු තාක්ෂණවේදය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යව විෂය ධාරාවන්ට අදාල උපාධි පාඨමාලා සිසුන්ට තෝරා ගත හැකි අතර ඒ වෙනුවෙන් මෙම ණය ඉල්ලුම් කළ හැකි බවද එම අමාත්‍යාංශය කියයි.

මෙම ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව සමඟ එක්ව ක්‍රියාත්මක කරන අතර සිසුවෙකුට වසර තුනක හෝ හතරක හෝ උපාධි පාඨමාලාවක් හදාරා නිමවූ පසුව වසරක සහන කාලයක් ලබාදෙන අතර ඉන්පසු රැකියාවක් ලබා ණය ගෙවාදැමිය හැකි බවද එම අමාත්‍යාංශ කියයි.

වසර හතරක උපාධි පාඨමාලාවක් සඳහා නිකුත් කරන ණය සමාන වාරික 84න්ද වසර 3ක උපාධි පාඨමාලාවක් සඳහා නිකුත් කරන ණය සමඟ වාරික 96කින් ගෙවා නිම කිරීමට ණය ඉල්ලුම්කරුවෝ බැඳි සිටින බව අමාත්‍යාංශය කියයි.

රුපියල් ලක්ෂ 8 කට වැඩි උපාධි පාඨමාලා වලට ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඉතිරි මුදල ශිෂ්‍යත්වයක් ලෙස පිරිනැමීමටද එම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තීරණය කර තිබේ.

වැඩි විස්තර www.studentloans.mohe.gov.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

 



අදහස් (5)

සරසවි වරම් අහිමි සිසුන්ට උපාධියක් ගන්න පොලී රහිත ණයක්

රවින් Friday, 08 February 2019 01:21 PM

අන්න හොඳ වැඩක්... පිටරට වලද මේ හා සමාන ණය ක්‍රමවේදයක් තියනවා. ළමයින් අනවශ්‍ය කරුණු කරනා හා අනවශ්‍ය දේශපාලන කටයුතු වල නොයිඳ තමන්ගේ අධ්‍යාපන කටයුතු නිමකර හැකි ඉක්මණින්ම රක්ෂාවක නියතව තමන්ට හා රටට වැඩදායි පුද්ගලයින් ලෙස සමාජයට ඇතුළුවේවි...

:       0       58

සංජීව Saturday, 09 February 2019 05:58 AM

ඉතින් ඕක රජයේ විශ්ව විද්‍යාල මගින්ම කරන්න පුළුවන්නේ... ළමයින්ට උගන්නලා රැකියාවක් කරනකොට ඒ වියදම ගෙවන්න කියන්න ඕනේ... අධ්‍යාපනයෙන් තමයි රටක් නගා සිටුවීමට හැක්කේ... ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පමණි.. නිදහස් අධ්‍යාපනය තිබුනේ දැන් මැදපෙරදිග වැඩි වශයෙන් රැකියා කරන්නේ කේරල අය තමයි. අපේ රටේ දේශපාලකයෝ ඒ වගේ තිබුණු රැකියා ඉල්ලුම දැක්කේ නෑ.. ඒවාට වුවමනා පිරිස හැදුවේවත් නෑ. ඒ නිසා තමයි අපේ අයට ගෘහසේවයට යන්න වුනේ..

:       29       10

senaSunday, 10 February 2019 09:35 AM

අපේ ඉගෙනගත්ත කට්ටිය උනත් එහෙම පිටරට ගිහින් මහන්සිවෙලා සල්ලි හොයන්න කැමති නැහැ...... කොහොම හරි බලන්නේ ආණ්ඩුවේ මොකකට හරි එල්ලෙන්න

:       0       1

pradeep Sunday, 10 February 2019 02:25 PM

මේක ඉතාම හොඳ වැඩක්. අධ්‍යාපනය වෙනුවෙන් වැඩිපුර ආයෝජනය කළ යුතුයි. මෙම සිසුන් රැකියා ඇති අධ්‍යාපනික පාඨමාලා විතරක් කරනු ඇත. මහපොළවද ණය යෝජනාක්‍රමයක් බවට පත්කළ යුතුයි... රැකියා කරනවිට මහපොළ දීමනාවෙන් කොටසක් ගෙවීමට උනන්දු කළ යුතුයි.

:       0       31

රාජුන් Thursday, 14 February 2019 10:52 AM

මේක ඉතාම කාලෝචිත වැඩක්. නමුත් මේ ණය ගත් සිසුන්ට රක්ෂා අනිවාර්යයෙන්ම ලැබෙන බවට සහතික කළ යුතුයි. නැත්නම් ණය ගෙවා ගන්න බැරිව තව දිවිනසා ගැනීම් පෙළක් දකින්නට ලැබෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 957 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1021 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 406 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site