IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සූර්ය හා සුළං බලශක්තිය ප්‍රවර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150 ක්


විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව මිල අධික පොසිල ඉන්ධන ආනයන මත යැපීම අඩු කරමින් සූර්ය හා සුළං බලශක්තිය වෙත මාරුවීම වේගවත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක බලශක්ති වැඩසටහනකට ලෝක බැංකු සමූහය සිය අනුමැතිය ලබාදී ඇත.

නව බලශක්ති වැඩසටහන ආරක්ෂිත, දැරිය හැකි සහ තිරසාර බලශක්තියක් කරා ශ්‍රී ලංකාව තබන පියවරට සහායක් වනු ඇති බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය. මෙරට විදුලිබල පද්ධතියට ගිගාවොට් 1 ධාරිතාවක් එකතු කරන නව සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා මෙම වැඩසටහන මගින් සහාය ලැබෙනු ඇති බවත්, එය 2030 වසර වනවිට මෙරට විදුලි අවශ්‍යතාවෙන් සියයට 70 ක් පුනර්ජනනිය බලශක්තියෙන් උත්පාදනය කිරීමේ ඉලක්කයට තවත් සමීප කරවන බවත් ලෝක බැංකුව සඳහන් කළේය.

මෙම වැඩසටහන මඟින් ඩොලර් මිලියන 800 කට වඩා වැඩි පෞද්ගලික ආයෝජන රැස්කර ගැනීමට අපේක්ෂා කරන බවත්, එමගින් විදුලිය ගාස්තුව පහළ දැමීමට මෙන්ම පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ ව්‍යාපාර මෙන්ම පවුල්වල තත්වය වැඩි දියුණු කිරීමටද වැඩසටහන උපකාරී වනු ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.



අදහස් (0)

සූර්ය හා සුළං බලශක්තිය ප්‍රවර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 182 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 389 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 165 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site