IMG-LOGO

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බළකායේ කැපවීමෙන් යුතුව සේවය කරන, එහි කොඳු නාරටිය බඳු වූ සේවිකාවන් සහ ඒ සේවිකාවන්ගේ ධෛර්යය ඇගයීම සහ සැමරීම පසුගිය කාන්තා දිනයට සමගාමීව සිදුවිය.

සෙරන්ඩිබ් හි තත්ව පාලන අංශයේ ප්‍රධානී හේමානි ගුණතිලක මහත්මිය සේවයට එක්වන විට කළමනාකාරීත්ව‍ මට්ටමේ සිටි එකම නිලධාරිනිය ඇය වූ අතර මේ වන විට ඇය දක්ෂ කණ්ඩායමක ප්‍රධානියා ලෙස සෙරන්ඩිබ් නිෂ්පාදනවල ගුණාත්මක බව උසස් මට්ටමක පවත්වා ගැනීම උදෙසා කටයුතු කරමින් සිටින්නීය.

හේමානි මහත්මිය ගේ කැපවීම සහ කණ්ඩායමක් සමඟ වැඩකිරීමේ හැකියාව ඇයව ඉහළට ඔසවා තබා ඇත. ”‍කණ්ඩායම් හැඟීම සහ අභියෝග ජයගෙන ඉදිරියට යන්න මට තියන හැකියාව මගේ ජීවිතයට විශාල අස්වැසිල්ලක්”‍ යැයි හේමානි මහත්මිය පවසන්නීය.

මෙහෙයුම් සහ ගබඩා අංශයේ එකම කාන්තා නියෝජනය වන සහකාර කළමනාකාරිණී නදීෂා රුවන්ති මහත්මිය, සාම්ප්‍රදායික පුරුෂාධිපති වපසරියක් තුළ වෘත්තීය අභියෝග සාර්ථකව ජයගනිමින් තම රාජකාරි සිදුකරන ධෛර්යවන්ත කාන්තාවකි. දේශය පෝෂණය කිරීමේ අරමුණත් සමඟ ඉදිරියට යන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි සේවය කරන සියලු‍ම කාන්තා සේවිකාවන්ට ඇය වටිනා ආදර්ශයක් සපයයි.

නිෂ්පාදන අංශයේ මිශ්‍ර කිරීමේ නිලධාරිනියක් ලෙස සේවය කරන රීටා ප්‍රියන්ති මහත්මිය, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි වසර 13ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති  කැපවීමෙන් සහ උනන්දුවෙන් සේවය කරන දිරිමත් කාන්තාවකි. ඇය සේවය කරන අංශයේ සිටින 150ක් පමණ වූ සේවකයන් අතර ඇය එකම නිලධාරිනිය ලෙස කටයුතු කරන්නීය.

මූල්‍ය අංශයේ තොරතුරු විශ්ලේෂක නිපුනි ප්‍රියදර්ශනී මහත්මිය පවසන්නේ, රැකියා පීඩනය සහ පෞද්ගලික වගකීම් කළමනාකරණය කිරීමේදී සේවිකාවන්ගේ දරාගැනීමේ හැකියාව සහ ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමක ඇති බවයි.

නිපුනි මහත්මිය පවුල වෙනුවෙන් කරන කැපවීම සහ තම පියාගේ අසනීප අවස්ථාවේ  දී ඇය කටයුතු කළ ආකාරය මඟින් පෙනී යන්නේ සමාජ වගකීම් හඳුනාගෙන සමාජයේ යහපත උදෙසා කැපවීමෙන් යුතුව කාන්තාවන් ‍කටයුතු කරන ආකාරයයි.

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි සෑම අංශයකම සිටින සේවිකාවන්ගේ දැඩි උත්සාහය, හැකියාව, කැපවීම සහ ශක්තීන් වෙනුවෙන් සෙරන්ඩිබ් ආයතනය ගෞරවය පුදකර සිටියි.

-595



අදහස් (0)

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 574 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1004 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site