IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


“සාර්ථකත්වයේ රහස”‍ විශේෂ වැඩමුළුව 28 වැනිදා

පෞද්ගලික හා ආයතනික විශිෂ්ටත්වය සාක්ෂාත් කරගැනීමට කැපවූ මධ්‍යම හා ජ්‍යෙෂ්ඨ මට්ටමේ කළමනාකරුවන් සඳහා කළමනාකරණ විෂයෙහි ප්‍රවීණයකු සහ වසර 35කට වැඩි අත්දැකීම් ඇති SLIDA හි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන මහාචාර්ය තිලකසිරි මහතා විසින් මෙහෙයවනු ලබන “සාර්ථකත්වයේ රහස”‍ සඳහා පරිවර්තනීය එක්දින විශේෂ වැඩමුළුව අගෝස්තු 28 වැනිදා පෙරවරු 9:00 සිට පස්වරු 4:30 දක්වා කොළඹ 07 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී (SLIDA) පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
මෙම වැඩමුළුවට සහභාගීවන්නන්ට සාර්ථක නායකයන් ප්‍රගුණ කරන අත්‍යාවශ්‍ය ස්ථම්භ 5 පිළිබඳව ඉගෙනීමට, පෞද්ගලීකරණය කරන ලද දින 90ක ක්‍රියාකාරී සැලැස්මක් ලබාගැනීමට, විවිධ අංශවලින් පැමිණෙන සමාන චින්තනයකින් යුත් වෘත්තිකයන් සමග සම්බන්ධ වීමට, සහතිකයක් සහ ඉගෙනුම් ද්‍රව්‍ය ලැබෙනු ඇත. ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම පවත්වනු ලබන මෙම වැඩමුළුව තවත් එක් සාමාන්‍ය වැඩමුළුවක් නොව ඔබේ දෘෂ්ටිකෝණය වෙනස්ම මගකට යොමුකිරීමට සමත් වන වැඩමුළුවක් වනු ඇත. සහභාගිවන්නන් 5 දෙනකු හෝ ඊට වැඩි ගණනක් සඳහා සියයට 10 වට්ටමක් ලබා දෙයි. [email protected], හෝ [email protected] යන ඊමේල් මගින් සම්බන්ධ වීමෙන් මෙම වැඩමුළුවට සහභාගිවීම සඳහා අවස්ථාව ලබාගත හැක. 



අදහස් (0)

“සාර්ථකත්වයේ රහස”‍ විශේෂ වැඩමුළුව 28 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site