IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සියලු‍ කොටස් මිල දර්ශකය නව වාර්තාවක් තබයි

කොළඹ කොටස් හුවමාරුවේ ඊයේ දිනයේදී ගනුදෙනු අවසානයේදී එහි සියලු‍ දර්ශක කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් සිදු විය. ඒ අතරින් සියලු‍ කොටස් මිල දර්ශකය මෙතෙක් වාර්තා වූ ඉහළම අගයට පත්වෙමින් ඒකක 17,740.46ක් බවට පත්විය. 

මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 204.84ක එනම් සියයට 1.17ක ඉහළ යාමකි. එහිදී සමාගම් 146 ක කොටස් වටිනාකම් ඉහළ ගිය අතර සමාගම් 74ක වටිනාකම් පහත වැටුණි. මීට පෙර එම දර්ශකය වාර්තා කළ ඉහළම අගය ලෙස පසුගිය ජූනි 12 වැනිදා ඒකක 17,661ක් ලෙස සටහන් විය. එහෙත් 13 වැනිදා ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයත් සමගින් මැදපෙරදිග ඇති වූ අස්ථාවරත්වයේ බලපෑම හේතුවෙන් පසුගිය දින කිහිපයේදීම කොටස් වෙළෙදපොළ පහත වැටුණි. එසේම ඊයේ දිනය තුළ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා දර්ශකයත් ඒකක 5,265.35ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 46.34කින් එනම් සියයට 0.89කින් ඉහළ යාම සිදු විය. දිනය තුළ කොටස් මිලියන 427ක් ගනුදෙනු වූ අතර, දිනය තුළ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.8ක් ලෙස සටහන් විය. 



අදහස් (0)

සියලු‍ කොටස් මිල දර්ශකය නව වාර්තාවක් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site