IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සම්බුදු තෙමඟුලේ අරුත මැනැවින් පිළිබිඹු කළ CDB වෙසක් කලාපය

සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මැයි 12 වැනි දින, වෙසක් පොහොය දා සිට සිය ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ වෙසක් සතියක් ප්‍රකාශයට පත්කළේය.

CDB සමාගම වසර 10 කට අධික කාලයක් තිස්සේ වාර්ෂිකව පවත්වන මෙම වෙසක් සතිය වැඩසටහනට වෙසක් කූඩු තරගයක්, භක්ති ගී වැඩසටහනක් සහ CDB වෙසක් කලාපය තුළ පවත්වන දන්සලක්ද ඇතුළත් වේ. මෙවරත් මෙම වෙසක් කලාපය දැකබලා ගැනීමට විශාල පිරිසක් පැමිණියහ. 

මෙම වෙසක් සතිය පුරා පැවති වැඩසටහන්වලට CDB සමාගමේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම එහි ශාඛාවල සේවය කරන සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වූ අතර, එය ඔවුන් අතර පවතින සුහදත්වය තවදුරටත් වර්ධනය කළ අවස්ථාවක් විය. CDB සමාගම යනු සෑම විටම පරිසර හිතකාමීත්වය ප්‍රවර්ධනය කරමින් සිය කාබන් පියසටහන (Carbon footprint) අවම කරගැනීමට කටයුතු කරන සමාගමක් වන බැවින් එහි සාමාජික සාමාජිකාවන් වෙසක් කූඩු නිර්මාණය කිරීමේදී භාවිත කර තිබුණේ පරිසර හිතකාමී අමුද්‍රව්‍ය පමණි. ඔවුන් අතින් නිමවුණු වෙසක් කූඩු මහජනතාවටද ප්‍රදර්ශනය කරන ලදි. CDB භක්ති ගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගීත වැඩසටහන සඳහා සුප්‍රකට සංගීතවේදියකු හා ගායන ශිල්පියකු වන ජගත් වික්‍රමසිංහ මහතාද සහභාගී විය. 

මීට අමතරව CDB වෙසක් කලාපය තුළ නූඩ්ල්ස් දන්සලක් පැවැත්වුණු අතර, පැමිණි පිරිස සමග සුහද සංවාදයේ යෙදෙමින් ඔවුන්ට නූඩ්ල්ස් පිළිගැන්වීමට CDB සාමාජික සාමාජිකාවෝ කටයුතු කළහ.



අදහස් (0)

සම්බුදු තෙමඟුලේ අරුත මැනැවින් පිළිබිඹු කළ CDB වෙසක් කලාපය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 22 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site