IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සාම්ප්‍රදායික තායි ආහාර ගෙන එන Siam House 32 වැනි වසර අභිමානයෙන් සමරයි

දශක තුනකට අධික කාලයක් පුරාවට සැබෑ සාම්ප්‍රදායික තායි ආහාර රස දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් වෙත ගෙන ආSiam House , සිය 32වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරන ලදී. කොළඹ නගරයට තායි ආහාර හඳුන්වා දුන් මුල්ම ආයතනවලින් එකක් වන Siam House , සිය  නොවෙනස්වන ගුණාත්මකභාවය, විශිෂ්ටත්වය සහ සැබෑ තායි රසයම ලබා දීමට දරන කැපවීම නිසා ඉමහත් කීර්තියට පත්ව ඇත. 
අතීතයේ ඉතා කුඩාවට ආරම්භ වී සූපශාස්ත්‍රවේදයේ සන්ධිස්ථානයක් බවට පත්වීම සඳහා මෙතෙක් පැමිණි ගමන්මඟ තුළ, සාම්ප්‍රදායික තායි ඉවුම් පිහුම් මූලයන්ට අනුකූල වෙමින් ආහාර පිසීමට Siam House  කිසිවිටකටත් අමතක නොකළේය. මෙහි වූ සියලු‍ම ආහාර වර්ග පරම්පරා ගණනාවක් පුරා පැවත එන ශිල්පීය ක්‍රම භාවිත කරමින් පළපුරුදු තායි සූපවේදීන්ගේ දෑතින් නිමවී ඇත. Siam House  හි මුළුතැන්ගෙයි වූ සුවිශේෂිත්වය නම් තායිලන්තයේ සැබෑ රසසාරය ග්‍රහණය කර ගැනීම සඳහා උසස් අමුද්‍රව්‍ය වලින් නැවුම් ලෙස සකස් කරන ලද ගෘහස්ථ කරි පේස්ට් භාවිත කිරීමයි. 
සැබෑ තායි රසය ඔබවෙත ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය තායිලන්තයෙන් සෘජුවම ගෙන ඒමට Siam House  කටයුතු කරන අතර Thai noodles, rice vermicelli, bean vermicelli, සහ fragrant jasmine rice  එලෙස ගෙන්වන අමුද්‍රව්‍ය වලින් කිහිපයකි. ඉතා සියුම් දේ පිළිබඳ පවා මෙලෙස අවධානය යොමු කිරීමෙන් අමුත්තන් අපේක්ෂා කරන උසස් ප්‍රමිති පවත්වා ගැනීමටත් අසමසම භෝජන අත්දැකීමක් ලබා දීමටත් Siam House  සමත්ව ඇත.
සාම්ප්‍රදායික තායි ආහාර සැබෑ තායි රසයෙන් ලබාදීමට Siam House දරන උත්සාහය අගයමින්, තායි වාණිජ හා වෙළෙඳ අමාත්‍යාංශය විසින් තායිලන්තයෙන් පිටත ක්‍රියාත්මක වන තායි අවන්හල් සඳහා පිරිනමන විශිෂ්ටතම සම්මානය වන ”‍තායි සිලෙක්ට් සිග්නේචර් සහතිකය”‍ Siam House වෙත පිරිනමන ලදී. මීට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් A ශ්‍රේණියේ  ශ්‍රේණිගත කිරීමක්ද හිමිකරගැනීම, ඉහළ ගුණත්වයෙන් යුත් අවන්හලක් ලෙස Siam House හි විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරයි.
Siam House  හි 32වැනි සංවත්සරය සමරන මේ මොහොතේදී පවා, අපගේ මෙහෙවරට අනුව සැබෑ තායි රසය රැකගනිමින් අමුත්තන්ට විශිෂ්ට ආහාර අත්දැකීමක් ලබාදීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා.”‍ Siam House  හි සභාපති ලයනල් ප්‍රනාන්දු මහතා පැවසීය. ”‍මෙම ජයග්‍රහණය, නිරන්තරයෙන් කැපවෙන අපේ කණ්ඩායමේ, උද්‍යෝගිමත් සූපවේදීන්ගේ සහ වසර ගණනාවක් පුරා අපත් සමඟ සිටිමින් අපට සහයක් වන ප්‍රජාවගේ නොසැලෙන කැපවීමේ ප්‍රතිඵලයක්.”‍ ඔහු තවදුරටත් පැවසීය. 
Siam House  අවන්හල් අංක 16, මෙල්බර්න් මාවත, කොළඹ 4 (කලින් අංක 17, මෙල්බර්න් මාවත, කොළඹ 4 හි පිහිටා තිබුණි) සහ අංක 98, හෝර්ටන් පෙදෙස, කොළඹ 7 යන ස්ථානවල තායි ආහාර ලෝලීන් වෙනුවෙන්ම විවෘතව පවතී.



අදහස් (0)

සාම්ප්‍රදායික තායි ආහාර ගෙන එන Siam House 32 වැනි වසර අභිමානයෙන් සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site