IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සාමාන්‍ය පෙළ විභාගයේදී මිනැස්රෝ කොලේජ් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

මතුගම පැලවත්ත මිනැස්රෝ කොලේජ් 2024 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුල් වරට මුහුණ දෙමින් විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සෑම අයැඳුම්කරුවකුම විශිෂ්ට ප්‍රතිඵල සහිතව සමත් කර තිබේ. සියලුම ශිෂ්‍යයෝ එම විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මුහුණ දුන්හ.

පෙසන්දි දුලන්සා කන්නන්ගර පාසලේ විශිෂ්ටම ප්‍රතිඵලය ලබමින් විෂය 9ට A සාමාර්ථ 8ක් සහ B සාමාර්ථයක් ලබමින් පළමු තැනට පත් වී තිබේ. 2024 වසරේ විශිෂ්ටම ශිෂ්‍යයා සම්මානය (බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයකදී),  All-Round Academic Performer Award 2024 (මැලේසියාවේ HELP විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණු World School Summit  උත්සවයේදී) යන සම්මාන ද්විත්වය දිනා ගැනීමටද ඇයට හැකි විය.

ආචාර්ය මේජර් අනුර කන්නන්ගර මහතාගේ දැක්ම අනුව ආරම්භ කළ මිනැස්රෝ විද්‍යාලය ග්‍රාමීය දරුවන්ට ගෝලීය මට්ටමේ අධ්‍යාපනයක් සැපැයීමේ අරමුණ සහ කැපවීම සහිත පෞද්ගලික පාසලකි. මෙම පළමු සාමාන්‍ය පෙළ කණ්ඩායමට අයත් සියලුම ශිෂ්‍යයන් උසස් පෙළ අධ්‍යාපනයට සුදුසුකම් ලබා ඇති අතර එය පාසලේ ඉදිරි අධ්‍යාපන කාර්යය සඳහා ශක්තිමත් පදනමක් වේ. මෙය මිනැස්රෝ විද්‍යාලයේ අධ්‍යාපන විප්ලවයෙහි තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් වන අතර ගුරු ශිෂ්‍ය දෙපිරිසටම උද්යෝගයෙන් ඉදිරියට යාමට ආශිර්වාදයක් වේ.

 



අදහස් (0)

සාමාන්‍ය පෙළ විභාගයේදී මිනැස්රෝ කොලේජ් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site