IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම නිල වශයෙන් එළි දැක්වේ

 


විමුක්ති එස් රුද්‍රිගු


සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම පසුගිය 10 වැනිදා නිල වශයෙන් කොළඹදී දියත් කිරීමත් සමග මෙරට සංචාරක   ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ගන්න උත්සාහයේ සන්ධිස්ථානයක් පසුකළේය.

මෙම මුලපිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මෙහෙයවනු ලබන අතර එයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය හිමිවන්නේය. සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම යනු මෙරට සමුද්‍රීය සම්පත් සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා යොදා ගැනීම ඉලක්ක කර ගනිමින් සැකසූ උපාය මාර්ගික රාමුවකි. සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම ආසියානු සංවර්ධන බැංකුව පත්කරන ලද ජාත්‍යන්තර උපදේශක කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එකතු වී වසරකට අධික කාලයක් පුරා සිදු කරන ලද පර්‌යේෂණ උපදේශන සහ ස්ථාන චාරිකා වල ප්‍රතිඵලයකි.

සංරක්ෂණය සහ ආර්ථික අවස්ථාව සමතුලිත කිරීම කෙරෙහි පැහැදිලි අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ශක්තිමත්, පරිසර හිතකාමී සංචාරක යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා කෙටි කාලීන සහ දිගුකාලීන පියවර මාලාවක් සමුද්‍රීය සංචාරක මාර්ග සිතියමට ඇතුළත් වේ.

 



අදහස් (0)

සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම නිල වශයෙන් එළි දැක්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site