කැලණිය විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ සම්මාන ප්‍රදානෝත්සවය කැලණිය විශ්ව විද්‍යාලයයේදී පැවැත්විණි.
එහිදී දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, ජාත්‍යන්තර අධ්‍යයනය, සමාජ සංඛ්‍යානය, ආර්ථික ක්‍රම සම්පාදනය, මූල්‍ය ආර්ථිකය, සංඛ්‍යානය සහ සංචාරක ආර්ථිකය විෂය සඳහා ඉහළම ලකුණු ලබා ගත් විද්‍යාර්ථයින්ට සම්මාන පිරි නැමිණි.
කැලණිය විශ්ව විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම, කදිරගාමර් පදනමේ සභාපතිනි සුගන්ති කදිරගාමර්, ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය සමන් කලේගම මහත්ම මහත්මීහු මෙහිදී දෙසුම් පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් ඔබසැමට සුබ පැතුම්. දැන් ඉතින් හැකි ඉක්මනට පිට රටකට පැනගන්න. ඊටපස්සේ ඔබට හැකි වේවි ලංකාවේ ඉන්න හිතවතුනට උදව් කරන්න. ඔබ වලෙන් ගොඩ ඇවිත් අනිත් අයවත් ගොඩ ගන්න. (නි)
උඩම පොටෝ එකේ ඉන්න චතුරිකාට මාගේ සුභපැතුම්!! (නි)
දෙවෙනි පොටෝ එකේ ඉන්න කුමාරි ට සුබ පෙතුම් (අ)
තුන්වෙනි ෆොටෝ එකේ ඉස්සරහින්ම ඉන්න මධුශානි ට මගේ උණුසුම් සුබ පැතුම් සමග මිත්‍රශීලී හාදුවක්... (නි)
උපාලි සර් මොකද පිටි පස්සට දාල. දැන් තැනක් නෑ නේද. දමිත් චතුරංගටත් සම්මනයක් තියෙනවාද ? (ත)
ඔක්කොම පොටෝවල ඉන්න ඔක්කොමටම මගේ සුබපැතුම්. විශේෂයෙන්ම කාගෙන්වත් සුබපැතුමක් නොලැබුන අයට. ඒ ගමන්ම මාත් කියන්නේ අපොන්සු කියන දේමයි. (නි)
නිදහස් අධ්‍යාපනය........(නදී)
පිට රටකට පැන වලෙන් ගොඩයයි සිතන්න තරම් මේ විද්‍යාර්ථයින්ගේ මනස බන්කොලොත්ද?(නදී)
මේ අයත් අර අලුත් නීතියට ගත්තද මන්දා මම කියන්නේ අර සරසවි සිසුන්ගේ මනස පරීක්ෂා කරන එකට.(නදී)
පිටරටවලට ඇවිත් ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න තරම් මානසික මට්ටමකට අපේ ළමයි තාම ඇවිත් නැහැ. තාම හිතන්නේ රජයෙන්ම රස්සා දෙන්න ඕන කියල ඉන්දියාව වගේ රටවල මිනිස්සු වැඩි හරියක් ඉන්නේ පිට රටවල ඒ මිනිස්සු ඉගෙන ගෙන වෙන රටකට යනවා. ඒක එයාලටත් හොදයි රටටත් හොදයි. අපේ වගේ විභාග අමාරු කරලා ළමයි අපහසුතාවයට පත් කරන්නේ නැහැ. අපේ රටේ අධ්‍යාපනය ගොඩක් හොදයි. ඒත් කව්රුත් එකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.(නදී)