IMG-LOGO

සූප ශාස්ත්‍ර හැකියාව හඳුනාගැනීමට 2025 Nestl Golden Chef’s Hat තරගාවලිය අරඹයි

  • Nestl Professional, ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමග අත්වැල් බැඳ ගනියි 
නෙස්ලේ ලංකා හි Nestl Professional අංශය මෙරට හෝටල් ක්ෂේත්‍රෙය් ඉහළ යමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත Nestl Golden Chef’s Hat තරඟාවලිය සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ සඳහා එක්ව කටයුතු කිරීම වෙනුවෙන් ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමද පසුගියදා සිදු විය. 
 
මෙහිදී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් 2025 Nestl Golden Chef’s Hat තරගාවලියේ වෘත්තීය කාණ්ඩය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට නියමිතය. ඒ යටතේ දිවයින පුරා කලාප 9ක තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කලාපීය තරග වටයන්හිදී මේ දක්වා දිවයිනේ ප්‍රමුඛ පෙළේ හෝටල් නියෝජනය කරමින් හැකියාවෙන් පිරිපුන් සූපවේදීන් 180කට අධික සංඛ්‍යාවක් සිය හැකියාව ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත. 
 
මෙම වසරේදී ප්‍රථම වරට ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමග එක්ව Nestl Professional විසින් Junior Nestl Golden Chef’s Hat තරගාවලියද සංවිධානය කරන ලදී. එය මෙරට හෝටල් කර්මාන්තයේ නියැලී සිටින සිසු සිසුවියන්ගේ හැකියාව ඉහළ නැංවීම හා හෙට වසේ සූප ශාස්ත්‍ර විශිෂ්ටයන් නිර්මාණය කිරීම අරමුණු කරගත්තකි. 
 
හෝටල් ක්ෂේත්‍රයේ සිසුන් 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කණිෂ්ඨ තරගාවලියේ කලාපීය තරඟයන් රටපුරා ප්‍රමුඛ හෝටල් පාස් අතර පවත්වනු ලබයි. එය මෙරට තරුණ සූපවේදීන්ගේ හැකියාව ඉහළ නැංවීම සඳහා වන සුවිසල් අවස්ථාවක් ලෙසද සඳන් කළ හැකිය. 
 
ප්‍රධාන තරඟයෙන් හා කණිෂ්ඨ තරගයෙන් ජයග්‍රහණය කරමින් අවසන් වටයට තේරුණු තරගකරුවන් ජූනි 14 වැනි දින පැවැත්වීමට නියමිත 2025 Culinary Art Food Expo හිදී තරග වදිනු ඇත. එහි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස Nestl Professional කටයුතු කරයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆාන් මහතා මෙසේ සඳහන් කළේය. “මෙරට ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් ලෙස හෝටල් ක්ෂේත්‍රය සඳහන් කළ හැකියි. 
 
ආහාරවල පෝෂණයෙන් ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන ආයතනයක් ලෙස අප මෙම වැඩසටහන හරහා මෙරට ආධුනික හා තරුණ සූපවේදීන්ගේ හැකියාව ඉහළ නැංවීමට මෙන්ම ඔවුන්ගේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරනවා. 
 
ඒ සඳහා ලංකා සූපවේදීන්ගේ සංසදය හා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාම සතුටුයි. මෙම තරගය සේවක ප්‍රජාව තුළ දියුණුව හා ප්‍රජා දායකත්වය උදෙසා අවශ්‍ය කුසලතා හා ප්‍රායෝගික අත්දැකීම් සමගින් තාරුණ්‍යය ශක්තිමත් කිරීමේ අපගේ Nestl Needs YOUth වැඩසටහනෙහි අරමුණද මනාව පිළිබිඹු වනවා. Nestl Golden Chef’s Hat තරගාවලිය ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර හැකියාව ඉහළ ප්‍රදර්ශනය කිරීමට පමණක් නොව හෝටල් ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහාද සුවිසල් පිටිවහලක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.” 
 
මෙහිදී අදහස් දැක්වූ ලංකා සූපවේදීන්ගේ සංසදයේ සභාපති ජෙරාඩ් මෙන්ඩිස් මහතා මෙසේ පැවසීය. 
 
“මෙම සුවිශේෂී වැඩසටහනේදී තරුණ සූපවේදීන්ට ඔවුන්ගේ හැකියාව එළි දැක්වීමට වගේම ජාතික තලයේ පිළිගැනීමක් ලබා ගැනීමටි සුවිසල් අවස්ථාවක් උදා වන බැවින් ඒ සඳහා Nestl Professional සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වනවා. මෙම තරගය හරහා සිය හැකියාව එළි දක්වමින් ශක්තිමත්ව ඉදිරියට යන තරුණ සූපවේදීන්ගේ නිර්මාණශීලීත්වය හා උනන්දුව දැක ගැනීමට අපි බලාපොරොත්තු වනවා.” 
 
ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති පැට්‍රික් පෙරේරා මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ සඳහන් කර සිටියේය. “මෙම වැඩසටහනෙහි කොටස්කරුවකු වීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය ඉතා සතුටට පත් වෙනවා. හෝටල් අංශය නියෝජනය කරන අපගේ සිසු සිසුවියන්ගේ හැකියාව ඉහළ නැංවීමට මෙන්ම කුසලතා පෝෂණය කිරීමට Nestl Golden Chef’s Hat තරඟාවලිය තුළින් සුවිසල් අවස්ථාවක් උදා වනවා. 
 
ඒ වගේම අනාගත සූප ශාස්ත්‍ර විශේෂඥන් බිහිකිරීමටත්. මෙරට හෝටල් කර්මාන්තයේ ප්‍රමිති ඉහළ නැංවීමටත් මෙය කදිම අවස්ථාවක් වන බව සඳහන් කළ හැකියි. ” 
 
අද මෙන්ම ඉදිරි පරම්පරාවේත් ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ආහාර සතු හැකියාව විදහා දැක්වීමේ අරමුණින් දරුවන්ගේ සිට මහලු‍ විය දක්වා ශ්‍රී ලංකාවේ පවුල් පරම්පරා වෙත ඉහළම තත්වයේ පෝෂණීය ආහාර පාන ලබා දීමට නෙස්ලේ කටයුතු කර ඇත. නිරන්තරයෙන් ආහාර සේවා වෘත්තිකයන් සමග එක්ව කටයුතු කරන නෙස්ලේ ලංකා හි Nestl Professional Sri Lanka අංශය සාර්ථකත්වය වෙනුවෙන් අවැසි සුවිශේෂී ව්‍යාපාරික අභියෝග හා අවස්ථා සඳහා විසඳුම් ලබා දීම සඳහා කැපවී කටයුතු කරයි.



අදහස් (0)

සූප ශාස්ත්‍ර හැකියාව හඳුනාගැනීමට 2025 Nestl Golden Chef’s Hat තරගාවලිය අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site