IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෝනි සමාගමේ වනජීවි ඡායාරූපකරණ කලාපීය තානාපති ධුරය ලක්ෂිත කරුණාරත්නට

සෝනි සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කැමරා අලෙවි ජාලය වන CameraLK සමග එක්ව, ප්‍රවීණ ශ්‍රී ලාංකික වනජීවි ඡායාරූප ශිල්පියකු වන ලක්ෂිත කරුණාරත්නට සෝනි සමාගමේ වනජීවී ඡායාරූපකරණය සඳහා කලාපීය තානාපති ධූරය පිරිනමා තිබේ. සෝනි සමාගම විසින් මෙම ධූරය සඳහා තෝරාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ලක්ෂිත කරුණාරත්න ගේ නම, අභිමානවත් ලෙස ඉතිහාසගත විය.
සෝනි, CameraLK, සහ ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී කලාකරුවන් ප්‍රමුඛ නියෝජිතයන්ගෙන්  සහභාගීත්වයෙන් පැවති විශේෂ උත්සවයකදී මෙම තානාපති ධූරයට අත්සන් කිරීම සිදු කෙරිණි. ලක්ෂිතගේ පත් කිරීම, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය, පිලිපීනය, මොන්ගෝලියාව, නේපාලය, මියන්මාරය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, කාම්බෝජය සහ ඉන් ඔබ්බට දකුණු සහ අග්නිදිග ආසියානු කලාපය පුරා විහිදේ. ඔහුගේ ඡායාරූප නිර්මාණ මෙම කලාපය පුරා සෝනි වේදිකාවල විශේෂාංගගත කර ප්‍රකාශයට පත් කිරීම, සන්නාම තානාපතිවරයා ලෙස ඔහුට දක්වන ඉහළම ගෞරවයකි.
මෙම සුවිශේෂී පත්වීම ලක්ෂිතගේ අසාමාන්‍ය කුසලතාව, වනජීවීන් ගේ සොබා දහම හා බැඳුණු අතිශය දුර්ලභ සොඳුරු කතන්දර ගෙනහැර පෑම සඳහා ඇති කැපවීම සහ ශ්‍රී ලංකාවේ සොබාදහම සහ සංරක්ෂණ ඡායාරූපකරණයේ වර්ධනයට ඔහු දක්වන සැලකිය යුතු දායකත්වය අගය කළ අවස්ථාවකි. වනාන්තරවල දුර්ලභ හා ආකර්ෂණීය අවස්ථා ග්‍රහණය කර ගැනීමේ වසර ගණනාවක අත්දැකීම් සමගින් ලක්ෂිතගේ ඡායාරූප, දේශීය සහ ගෝලීය වශයෙන් ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් තිබේ.
සෝනි ඉලෙක්ට්‍රොනික්ස් (සිංගප්පූරු) ‍පෞද්ගලික සමාගමේ කලාපීය අලෙවිකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ ^RMDC&, නියෝජ්‍ය අධ්‍යක්ෂ, බේ ජිහූන් අදහස් දක්වමින්, “ලක්ෂිතගේ පත් කිරීම අපගේ දකුණු සහ අග්නිදිග ආසියාවේ විශිෂ්ට නිර්මාණකරුවන්ට සහාය ලබා දීමේ මෙහෙවරේ වැදගත් අවස්ථාවක්. ඔහුගේ සුවිශේෂී දැක්ම සහ වනජීවී ඡායාරූපකරණය සඳහා ඇති කැපවීම, සෝනි සන්නාමයට සුදුසු නියෝජිතයකු බව පැහැදිලි ලෙස පෙන්වනවා.”යනුවෙන් පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CameraLK  කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ පවසා සිටියේ, “සෝනි සමාගම වැනි ගෝලීය දැවැන්තයකු විසින් ලක්ෂිතගේ පත් කිරීම ශ්‍රී ලංකාවේ ඡායාරූපකරණ ප්‍රජාව ලද විශාල ජයග්‍රහණයක්- CameraLK අපි දේශීය නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වේදිකාවේ අත්දැකීම් සහ අවස්ථා ලබා දීමෙන් ඔවුන් බලගැන්වීමට සැමවිටම කැපවී සිටිනවා.” යනුවෙනි.



අදහස් (0)

සෝනි සමාගමේ වනජීවි ඡායාරූපකරණ කලාපීය තානාපති ධුරය ලක්ෂිත කරුණාරත්නට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site