IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සන්රස ඉන්ටර්නැෂනල් සමාගමට ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන

මෙරට ප්‍රමුඛ පෙළේ රස කැවිලි සහ කෙටි ආහාර නිෂ්පාදන සමාගමක් වන සන්රස ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජූරියේ කුසලතා සම්මානය (විශේෂ සම්මාන - කුඩා පරිමාණ) දිනා ගත්තේය. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආර්ග සිවකුමාර් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
1999දී ඇරැඹුණු සන්රස සමාගම උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් පුළුල් පරාසයක විහිදුණු රස කැවිලි සහ කෙටි ආහාර රැසක් නිපදවයි. දශක ගණනාවක පළපුරුද්ද සහිත කාර්ය මණ්ඩලයකින් සමන්විත එම සමාගම සෑම නිෂ්පාදනයක්ම ඉහළ ප්‍රමිතියෙන් සහ ප්‍රණීත රසයෙන් යුතු බව සහතික කරයි. සුදු ලූනු බයිට් සීනි යෙදූ තල ග්‍රීන් පීස් රට කජු බයිට් මුරුක්කු මඤ්ඤොක්කා චිප්ස් පැණි රස මුරුක්කු කඩල බොක්ස් බයිට් ඔවුන්ගේ නිෂ්පාදන අතර ප්‍රධාන වේ. ග්‍රෑම් 100ල කිලෝ ග්‍රෑම් 3 සහ කිලෝ ග්‍රෑම් 5 යන ප්‍රමාණවල ඇසුරුම්වලින් එන මෙම නිෂ්පාදනවලට සිල්ලර සහ තොග ගැනුම්කරුවන්ගෙන් විශාල ඉල්ලුමක් තිබේ. සන්රස නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළෙන් මිල දී ගත හැකිය. සන්රස සමාගම රැකියා සිය ගණනක් උත්පාදනය කර ඇත. අධි තාක්ෂණික යන්ත්‍රෝපකරණ සහ නවීන නිෂ්පාදන ක්‍රමවේද යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු සිදු කරන එම සමාගම දේශීය හා විදේශීය වෙළෙඳපොළේ විශ්වසනීය නමක් දිනා තිබේ. නිෂ්පාදන සහ ඇසුරුම් ක්‍රියාවලිය පුරා දැඩි තත්ව පාලන ක්‍රමවේද අනුගමනය කරන සන්රස සමාගම දේශීය සහ ජාත්‍යන්තර තත්ව සහතික සහ සම්මාන රැසක් දිනා ඇත.



අදහස් (0)

සන්රස ඉන්ටර්නැෂනල් සමාගමට ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 170 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2059 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site