IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සනත්,අර්ජුන බැංගලෝරයේ

බැංගලෝරයේදී ඇරඹූ  ‘ගෙට් ශ්‍රී ලංකන්‘  තුන් දින සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේදී හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සංචාරක තානාපතිවරයෙකු ලෙස පත් කර ඇත.
 ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය සහ  ශ්‍රී ලංකා සංචාරක  ප්‍රවර්ධන කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ශ්‍රී ලංකාව පිළිබඳ පළමු සංචාරක ප්‍රවර්ධන වැඩසටහන මෙයයි.
බැංගලෝරයේ ටාජ් හෝටලයේදී මෙම වැඩසටහන පැවැත්විනි. එය ශ්‍රී ලාංකීය රාත්‍රිය නමින් හඳුන්වා තිබූණි. ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් සහ සංචාරක නියෝජිතායතනවලින් 300කට අධික පිරිසක්,  ඉන්දීය නළු නිළියන් රැසක් ද මෙයට එක් වූහ.
ශ්‍රී   ලංකාව නියෝජනය කරමින් හිටපු  ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම්,  ඉන්දියාවේ  චෙන්නායි හි නියෝජ්ය  මහ කොමසාරිස් ආචාර්ය අමීර් අජ්වාඩ්,  උද්හිද උද්යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ,   ශ්‍රී  ලංකා සංචරණ ආයතනයේ සභාපති භාෂ්වර ගුණරත්න,  ශ්‍රී  ලංකා අත්කම් මණ්ඩලයේ සභාපති අනිල් කොස්වත්ත,  ශ්‍රී  ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකරණ අධ්යඅක්ෂ රූමි ජවුෆර් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරුන් මේ සඳහා එක්වූහ.

 

 



අදහස් (0)

සනත්,අර්ජුන බැංගලෝරයේ

පහන් Sunday, 24 February 2013 12:37 AM

ලෝකයේ පාලනය කරගන්න අමාරුම අමුත්තන් ඉන්නේ ඉන්දියාවේ. (නි)

:       0       0

සිල්වා Monday, 25 February 2013 04:48 PM

මේ ලක් මාතාව බිහිකළ විශිෂ්ට තරු දෙන්නෙක් (දී)

:       0       0

දිසානායක Monday, 25 February 2013 01:59 AM

සනාත් වඩාත් සාර්ථක වුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙනුයි. (නි)

:       0       0

වරුණ Tuesday, 26 February 2013 08:10 AM

ලෝකයේ ජනප්‍රිය පුද්ගලයින් දෙදෙනෙක් ඉන්නේ. පක්ෂ පාට අත්ඇරලා රටේ දියුණුවට වැඩක් ගන්න.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 27 February 2013 06:41 AM

ලංකාවට එනකොට අර්ජුන සෑහෙන හොද තත්ත්වයකට පත්වෙලා සිටිවී කියලා මට හිතෙනවා. (නි)

:       0       0

යොහාන් Monday, 25 February 2013 12:46 PM

තිලකගේ, දැන් කොහොමහරි අර්ජුනට ක්‍රිකට් සභාපතිකම දෙන්න යනවා. ඊට පස්සේ ඇමති කමකුත් දෙනවා. ඒ නිසා ඕකතරම් අපිට අර්ජුනගෙන් වැඩ ගන්න පුලුවන්.(නදී)

:       0       0

උපුලි Monday, 25 February 2013 01:39 PM

ලංකාවේ හිටපු ක්‍රිකට් ප්‍රවීණයෝ (දී)

:       0       0

කෝසල Tuesday, 26 February 2013 05:08 PM

ඉන්දියාවට විතරක් මදි. යුරෝපයටත් ගියාම තමයි සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන් වෙන්නේ.(නදී)

:       0       0

ලාල් Sunday, 24 February 2013 10:24 AM

රට දියුණු වෙන්න නම් විදේශ විනිමය අවශ්‍යයි. (නි)

:       0       0

බණ්ඩාර Monday, 25 February 2013 02:22 PM

සුභපැතුම් ඔබ දෙදෙනාටම (දී)

:       0       0

කුමාර Sunday, 03 March 2013 02:55 PM

මේ ක්‍රීඩකයෝ දෙන්නා කළේ ලොකු වැඩක්. (නි)

:       0       0

සුගත් Sunday, 03 March 2013 02:55 PM

කවුරු මොනවා කිවුවත් අපේ ලංකාවේ නම ලෝකයේ හැමතැනම වැඩිපුරම කතාබහට ලක්වුණේ ක්‍රිකට් නිසා. (නි)

:       0       0

තිලකගේ Sunday, 24 February 2013 12:44 PM

අර්ජුනත් රටට අවශ්‍ය කෙනෙක්. පක්ෂ පාට නොබලා ඔහුගෙනුත් වැඩක් ගතයුතුයි. (ස)

:       0       0

කෝලිත Sunday, 24 February 2013 09:49 PM

අර්ජුන,ඔබගේ සේවය අපේ රටට තව දුරටත් අවශ්‍යයි. (නි)

:       0       0

වලාකුළුගේ Sunday, 24 February 2013 09:56 PM

තිලක් සමග මමත් එකගයි..!(නු)

:       0       0

ජයන්ත Thursday, 28 February 2013 07:30 AM

අර්ජුන සර්, ඔයා හොද රත්තරන් මනුස්සයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16885 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site