IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සූදු ක්‍රීඩාව නියාමන පනත් කෙටුම්පත සමාලෝචනයක් ඕනෑ - ඇඩ්වොකාටා

විමුක්ති එස්. රුද්‍රිගු

සූදු ක්‍රීඩාව සඳහා පිහිටුවනු ලබන නියාමන අධිකාරිය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මෙන් වඩාත් ස්වාධීන කිරීමට ඒ සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සමාලෝචනය කළ යුතු බවත්, වත්මන් පනත් කෙටුම්පත යටතේ දේශපාලන මැදිහත්වීම්වලට ඉඩ තිබෙන බවත් ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය.

වත්මන් පනත් කෙටුම්පත මගින් මුදල් අමාත්‍යවරයාට අධික බලයක් ලැබෙන බවත්, එය නියාමකයාගේ ස්වාධීනත්වයට හානි කරන අතර සුදු ක්‍රීඩා කර්මාන්තයේ අඛණ්ඩතාව අනතුරේ හෙළන බවත් ඇඩ්වොකාටා ආයතනය පැවැසුවේය.

ඇඩ්වොකාටා ආයතනයේ සුදාරක ආරියරත්න මහතා ප්‍රකාශ කර සිටියේ සූදු ක්‍රීඩාව සඳහා ශක්තිමත් නියාමන රාමුවක් අවශ්‍ය බවයි. ඇතුළුවීම සහ පිටවීම නියාමනය කිරීමට, ඍණ බාහිරතා අවම කිරීමට, වෙළෙඳපොළ අඛණ්ඩතාව සහතික කිරීමට හා පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශක්තිමත් නියාමන රාමුවක් අවශ්‍ය වන බව ආරියරත්න මහතා පැවැසුවේය.

එහෙත් වත්මන් පනත් කෙටුම්පත නිර්මාණය වී ඇති ආකාරයට එම ඉලක්ක ඉටුකර ගැනීමට නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් ඉදිරිපත් වී ඇති සූදු නියාමන අධිකාරියේ පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගත යුතු බවත්, ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ උපදේශන ලබා ගනිමින් පනත් කෙටුම්පත නැවත ඉදිරිපත් කළ යුතු බවත් ඔහු පැවැසුවේය.

නියාමන අධිකාරියේ සාමාජිකයන් පත් කිරීමට මුදල් අමාත්‍යවරයාට වත්මන් පනත් කෙටුම්පත අසීමිත බලයක් ලබා දෙන බවත්, අමාත්‍යවරයාගේ නාමයෝජනා සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන ලෙස එම විධිවිධාන සංශෝධනය විය යුතු බවත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.

වත්මන් පනත් කෙටුම්පතට අනුව නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කරනු ලබන්නේ අමාත්‍යවරයා විසින් වන අතර, අධ්‍යක්ෂවරයා පත් කිරීමේදී මණ්ඩලය විසින් තරගකාරී ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු බවට එය වෙනස් විය යුතු යැයි ඔහු පැවැසුවේය. එසේම වත්මන් පනත් කෙටුම්පත යටතේ නීති සම්පාදනය කිරීමේ අසීමිත බලයක් අමාත්‍යවරයා සතුවන අතර, අධිකාරියට නියෝග ලබාදීමේ බලය ද අමාත්‍යවරයා සතුවන බව සුදාරක ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.

 

 



අදහස් (0)

සූදු ක්‍රීඩාව නියාමන පනත් කෙටුම්පත සමාලෝචනයක් ඕනෑ - ඇඩ්වොකාටා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17685 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site