සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලාංකික එකමුතුව විසින් සිංහල අවුරුදු සැණකෙළිය නිමිත්තෙන් ඉදිරිපත් කරන ලද “ශ්‍රී ලාංකික රස සරණිය” සහ අනිල් භාරති ගී මියැසිය දමාම් සෆුවා ෆාම් හවුස් හිදී පැවැත්විණි.
විශේෂ ආරාධිතයින් ලෙස රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් සහ තානාපති හුසේන් මොහොමඩ් හුසේන් මහතා එක්විය.
ශ්‍රී ලාංකික රස බොජුන් සමග විවිධ ලාංකික ආහාර පාන ඇදුම් පැළදුම් වලින් සැදුම් ලත් නිර්මාණ කුටි අලංකාර ප්‍රදර්ශනයක් ලෙසින් දිස්වුණ මෙම ප්‍රසංගයේ ප්‍රවීන ගායක අනිල් භාරතිගේ මියුරු ගී මියැසියෙන් රසවත්විය.
දහසකට නොඅඩු ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සහභාගි වූ අතර ප්‍රසංගය අවසානයේ පැමිණ සිටි පිරිස වෙත වටිනා ත්‍යාග පිරිනැමිණි.
මෙම රස සරණිය ප්‍රසංගය සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ,ටෙලි මනි,පීසී කාගෝ සහ ලංකා බැංකුව අනුග්‍රහය දක්වා තිබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදියන්සේ,ඔබේ අදහස් අගය කරමි. මමත් ඔය විස්තර දැනගෙන හිටියා. ඔය දේවල් කොහොම ප්‍රසිද්ධ කළත් මේ මිනිස්සු බය නැතුව ඕවා කරගෙන යනවා. (නි)
මුදියන්සේ-ඔබේ අදහස් අගය කරමි මමත් ඔය විස්තර දැනගෙන හිටිය ඔය දේවල් කොහොම ප්‍රසිද්ද කරත් මේ මිනිස්සු බය නැතුව ඕව කරගෙන යනවා බලදාරින් හමෙවෙලේම නිදි !!! මමත් දන්නවා ඔය දේවල් ඉතා රහසින් සිද්දවෙන බව මටත් හමුඋනා ඔය ගැටේට මැදි වූ කාන්තාවක් (කේ)
මෙවන් දේවල් දිගින් දිගටම පවත්වාගෙන යන්න හැකිවේවා! (නි)
හරිම සතුටුයි (නි)
මෙවන් දේවල් පිටරට පැවැත්වීම කොපමණ හොඳද? (නි)
හොඳ පුවතක් (නි)
හරිම සතුටුයි නමුත් ඔබ දන්නවද අද වන විට සෞදියේ අසරණව සිටින අපේ සහෝදර සහෝදරියෝ ගැන ඔබ මොහොතක් විපරම් කලාද ? අපි හිතා ගෙන සිටියේ සෞදි ජාතිකයන් පමණක් අපේ ශ්‍රමිකයන්ට කරදර කරනවා කියලයි. ඔබත් මමත් එසේ සිතුවානම් එය වැරදියි/ ලංකාවෙන් සෞදි තානාපති කාර්යාලයට යන නිලදාරීන් සිංහල කමත් මනුස්ස කමත් අමතක කොට අසරණව තානාපති කාර්යාලයට පැමිනෙනෙන කාන්තාවන් යලිත් මුදල්වලට විකුණන බව ඔබ දන්නවද ? සෞදියේ රියාද් නගරයේ තිබෙන තානාපති කාර්යාලයේ නිලදාරීන් පිරිසක් මා හොදින් දන්නා කාන්තාවක් අද යලිත් මුදල් වලට විකිනීමට ගොස් අැයගේ බලවත් විරුද්දතාවය මත එය වැලකි ගියා. ඇය විසින් එම ස්ථානයට පැමිණි කාන්තාවකගේ ජංගම දුරකතනයෙන් සියලු විස්තර මා සමග කියා සිටියා ඇය සම්බන්දව ශ්‍රී ලංකා තානාපති කාර්යාලේ නිලදාරින්ද ඒජන්සි රකුසන්ගේ මුදල් ගිල ඇති නිසා සාදාරණයක් ඉටු නොකළ බවට ඇය අඩමින් මා සමග කියා සිටියා. සියලු නිලදාරීන්ගේ විස්තර සහ පැමිණිලි සම්බන්ද විස්තර අැයගේ සැමියාගෙන් ලබාගත හැකි බව ඇය කියා සිටියා. මේ සම්බන්දව යමක් දැනගැනීමට ඇය වගේම අනිකුත් අසරණවී එහි රැදී සිටින කාන්තාවන් පිළිබද ඇය කල විස්තරය ඉතාම සෝචනීය බව ලියා තැබීමට සිදුවේ. තවද සෞදියට තානාපති සේවාව සදහා යොමු කර ඇත්තේ මිනිමස් කන බල්ලන් පිරිසක් දැයි මම විමසීමට කැමතිය .මේ පිලිබදව සොයා බලා කටයුතු කිරීමට වග කිය යුත්තන් පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි. තවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බත්තරබුල්ල කොබ්බැකඩුව මාවතේ පිහිටි කාර්යාලයේ සේවය කරන සමත මණ්ඩලයේ රකුසන් ගැනද සොයා බලා නිසි පියවර ගනු ඇතයි අප බලා පොරොත්තු වෙමු. මේ විත්තරයේ සියලු වගකීම් මා ගන්නා අතර ඇවැශ්‍ය උවහොත් සාක්කි සහිතව ඉදිරිපත් කිරීමටද මා මැලි නොවෙමි. ඒ නිසා මෙය පලකරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි (නදී)
මේවා අගය කළ යුතුය.(බ)
කාන්තාවන් පමණක් නොවේ පිරිමි අයත් මෙහෙ විඳින්නේ පුදුම දුකක්. ඒ වගේ සිංහල අවුරුදු උත්සව මුවාවෙන් ශ්‍රී ලංකික බෞද්ධයන් සහ කිතුනුවන් බා ගැනීමේ කුමන්ත්‍රනයකුත් මේ අතර ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා මා ලඟත් සාක්ෂි තිබෙනවා. (නදී)