IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සිතාරා ලිමිටඩ් ISO 14001 (පරිසර) - ISO 45001 කළමනාකරණ සහතික හිමිකරගනී

ශ්‍රී ලංකාවේ මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ පුරෝගාමියා වන සිතාරා ලිමිටඩ් වෙත බියුරෝ වෙරිටාස් ලංකා පෞද්ගලික සමාගමට සිදු කළ ඇගැයීමෙන් පසුව ISO 14001 (පරිසර) සහ ISO 45001 (සෞඛ්‍ය සහ ආරක්ෂාව) කළමනාකරණ සහතික හිමි විය. මෙම ජයග්‍රහණය මගින් සමාගම පාරිසරික කළමනාකරණය සහ සේවකයන්ගේ සෞඛ්‍යය සහ ආරක්‍ෂාව වෙනුවෙන් දක්වන නොසැලෙන කැපවීම තව දුරටත් තහවුරු වේ.

1964දී දූරදර්ශී ව්‍යවසායකයකු වන සී. ඊ. එල්. වික්‍රමසිංහ මහතා ඇරැඹූ සිතාරා ලිමිටඩ් යුරෝපීය සහ ජපන් වෙළෙඳපොළවලින් තීන්ත ආනයනය සීමා කරමින් ශ්‍රී ලංකාව තුළ උසස් තත්වයේ මුද්‍රණ තීන්ත නිෂ්පාදනය ඇරැඹීය. මෙමගින් විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය විය. ආරම්භයේ සිටම සමාගම පර්යේෂණ සහ සංවර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ අතර උසස් තාක්ෂණය භාවිත කිරීමෙන් වර්තමානයේදී සිතාරා ලිමිටඩ් මුද්‍රණ තීන්ත නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයා වී සිටී. නවීන රසායනාගාර පරීක්ෂණ උපකරණ භාවිතය හා සමාගමේ ස්ථිර කැපවීමෙන් එහි නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නංවා ඇති අතර එය සමාගමේ සාර්ථකත්වයට ඉවහල් වී ඇත. ඉහළ තාක්ෂණික නවෝත්පාදන සහ ගුණාත්මක විශිෂ්ටත්වය ඉහළ නංවමින් සිතාරා ලිමිටඩ් වෙළෙඳපොළේ තම පැවැත්ම සුරක්ෂිත කර ඇත. මෙම සාර්ථක ගමනේදී සමාගම විශිෂ්ටත්වය සඳහා වූ බොහෝ ඇගැයීම්වලට පාත්‍ර වී ඇත. ඒවා අතර ISO 9001:2015 තත්ව කළමනාකරණ සහතිකය, කාර්මික විශිෂ්ටත්වය සඳහා වන CNCI ලෝකඩ සම්මානය, කොම්පෝස්ට් කළ හැකි තීන්ත සඳහා OK කොම්පෝස්ට් හෝම්’ සහතිකය, ශ්‍රී ලංකා ජාතික තත්ව සම්මාන උළෙලේ (2022) කුසලතා සම්මානය ප්‍රධාන වේ. මෙම ජයග්‍රහණ මඟින් සිතාරා ලිමිටඩ්හි මුද්‍රණ තීන්ත කර්මාන්තයේ නායකත්වය සහ තිරසාර උසස් තත්වයේ නිෂ්පාදන සඳහා ඔවුන්ගේ කැපවීම මනාව පිළිබිඹු වේ.



අදහස් (0)

සිතාරා ලිමිටඩ් ISO 14001 (පරිසර) - ISO 45001 කළමනාකරණ සහතික හිමිකරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site