
නව සතියක ආරම්භක ගනුදෙනු දිනය වූ ඊයේ (19) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් පෙන්නුම් කළේය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 18.29 කින් ඉහළ ගොස් ඒකක 16,397.68 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 14.37කින් ඉහළ ගොස් ඒකක 4,835.04 ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන්ව තිබුණි.
සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට හැටන් නැෂනල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සෙලාන් බැංකුව, CT හෝල්ඩිංග්ස් හා කොමර්ෂල් බැංකුව යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.
කෙසේවෙතත් සමාගම් 81 ක කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබියදී සමාගම් 108 ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂය පහළ ගොස් තිබීමද ඊයේ දක්නට තිබුණි.
රු.බි. 2.6ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ වාර්තා වූ අතර අඛණ්ඩව හයවැනි දිනටත් සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වීම විශේෂත්වයකි.
2025 නොවැම්බර් මස 04
98
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සතිය ආරම්භයේදී කොටස් වෙළෙදපොළ වර්ධනයක්