ශ්රී ලංකාවේ අනාගත පරපුර බල ගැන්වීම වෙනුවෙන් කැප වූ සණස ලයිෆ් රක්ෂණ සමාගම අඛණ්ඩව සිව් වැනි වසරටත් Future Minds ප්‍රදර්ශනයට අනුග්‍රහය දැක්වීය.
සමාගමේ මානව සම්පත්, ආයතන / උපාය මාර්ග හා අවදානම් කළමනාකරණ සහ නියෝජිතායතන සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නිලන්ත පියසේන මහතා මෙසේ පැවසීය. “වාර්ෂිකව පවත්වන Future Minds ප්‍රදර්ශනය ආරම්භයේ සිටම සහයෝගය දීමට සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කරනවා. රැකියා වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන ආකාරයෙන් වෘත්තිකයන් හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය බල ගන්වමින් සිසු සිසුවියන්ට ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට පැහැදිලි මාවතක් විවර කිරීම අපගේ අරමුණයි. මෙම ප්‍රදර්ශනයට සහයෝගය දීම අනාගත පරපුර බල ගැන්වීම වෙනුවෙන් වන අපගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට විශාල ශක්තියක්. ඔවුන්ට ඔවුන්ගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට, ආදායමක් උපයා ගැනීමට අවස්ථාව උදා කර දීමට මෙන්ම අපගේ විශේෂිත අධ්‍යාපන පාඨමාලාවලට ප්‍රවේශ වීමේ අවස්ථාව උදා කර දීමට අපි කටයුතු කරනවා. ඒ වාගේම අඛණ්ඩ අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම, වෘත්තීය දියුණුව සහ පෞද්ගලික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට මෙරට සිසු සිසුවියන්ට අවස්ථාව උදා කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කටයුතු කරනවා.”
Future Minds ප්‍රදර්ශනය හරහා සිසු සිසුවියන්ගේ උසස් අධ්‍යාපන අපේක්ෂා සහ වෘත්තීය මාර්ගෝපදේශනය ඒකාබද්ධ වන පරිසරයක් නිර්මාණය කරන නිසා ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අවස්ථා සඳහා යොමු වීමට සහාය මෙන්ම උපදේශනය ලැබෙයි. මෙම ප්‍රදර්ශනය ජුනි 6 සිට 8 දක්වා කොළඹ BMICH හිදීත් ජුනි 14 සහ 15 මහනුවර KCC පරිශ්‍රයේදීත් පැවැත්විණි. Future Minds 2025 ප්‍රදර්ශනයට සහයෝගය දීම තුළින් මෙරට තාරුණ්‍යය බල ගැන්වීම වෙනුවෙන් වන අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම අපගේ අපේක්ෂාවයි.” පියසේන මහතා වැඩි දුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සණස ලයිෆ් රක්ෂණ සමාගමෙන් 2025 Future Minds ප්‍රදර්ශනයට නිල රක්ෂණ අනුග්‍රාහකත්වය