නව්‍ය විසඳුම්වලින් සිය ඩිජිටල් අවකාශය පුළුල් කිරීමට ප්‍රමුඛ අවධානය යොමු කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සිය පාරිභෝගිකයන්ගේ ජීවිත රක්ෂණ වාරික අලුත් කිරීමේ කටයුතුවල නියැලෙන නිලධාරීන් සඳහා නව ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබේ.
ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරී නුවන්ප්‍රිය ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “මෙම යෙදවුම තුළින් අපගේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකියි. මෙවැනි මුලපිරීම් හරහා ඩිජිටල්කරණය ඉහළ නංවන අතර පාරිභෝගිකයන්ට යහපත් සහ ප්‍රශස්ත සේවාවක් සැපයීමට අදාළ අංශයේ නිලධාරීන්ට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දීම අපගේ අරමුණයි.”
පාරිභෝගික සේවාව මෙන්ම ක්ෂේත්‍ර මෙහෙයුම් ක්‍රියාකාරකම් වර්ධනය කිරීමේ අරමුණෙන් මෙම යෙදවුම හඳුන්වා දී ඇත. පාරිභෝගිකයන්ගේ යාවත්කාලීන වූ දත්ත ඇතුළත් කර ඇති බැවින් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව රක්ෂණාවරණ අලුත් කිරීමට හැකියාව ලැබේ. එහි අන්තර්ගත සියලු පෞද්ගලික තොරතුරුවල ආරක්ෂාව සහතික කර ඇත. “මේ වන විට සෑම ආයතනයක්ම ඩිජිටල්කරණය පිළිබඳව වැඩි අවධානයක් දක්වනවා. තාක්ෂණයෙන් ලැබිය හැකි සෑම වාසියක්ම ලැබීම අපගේ අරමුණයි. පාරිභෝගිකයන් සහ ඔවුන් ගෙන ඇති ආවරණ පිළිබඳ තොරතුරු මෙම යෙදවුම හරහා ඉක්මනින් ගන්නට පුළුවන්. ඒ තුළින් කාලය සහ ශ්‍රමය ඉතිරි කර ගන්නටත්, සමස්ත ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්නටත් හැකියාව ලැබෙනවා.” ගුණවර්ධන මහතා වැඩි දුරටත් පැවැසුවේය. භූගෝලීය පිහිටීම පිළිබඳ තොරතුරු ගත හැකි වීම මෙම යෙදවුමේ ඇති සුවිශේෂ විශේෂාංගයකි. සිය කණ්ඩායම් සාමාජිකයන් සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ගැනීමට පරීක්ෂකවරුන්ට හැකියාව ලැබේ. ඒ හරහා පාරිභෝගිකයන්ට වඩා කාර්යක්ෂම සේවාවක් සැපැයීමට හැකියාව ලැබේ. ඩිජිටල්කරණය ඉහළ නැංවීමෙන් පරිසර හිතකාමිත්වයද ඉහළ නැංවිය හැකිය. මෙවැනි යෙදවුම් හරහා එදිනෙදා කටයුතුවලදී වැය වන කඩදාසි ප්‍රමාණය අවම කර ගත හැකිය. ඉදිරියේදී තවත් බොහෝ ඩිජිටල් මුලපිරීම් හඳුන්වා දීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ගේ ජීවිත රක්ෂණ වාරික අලුත් කිරීමට නව ජංගම දුරකතන යෙදවුමක්