ශ්රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ප්‍රබලයකු මෙන්ම චාල්ස් කොමාර් සහ පුත්‍රයන් සමාගමට අනුබද්ධිත ස්ටාර් ගාමන්ට් සමූහය, ටෝගෝ හි ඇඩෙටිකෝප් කාර්මික කලාපයේ (PIA) සිය නවීන ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලව පසුගියදා නිල වශයෙන් විවෘත කළේය. ටෝගෝ කවුන්සිලයේ සභාපති ෆවුරේ නසිබේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය, සමාගමට මෙන්ම බටහිර අප්‍රිකානු ඇඟලුම් කර්මාන්තයට පරිවර්තනීය සන්ධිස්ථානයක් සනිටුහන්නකි.
මෙය ස්ටාර් ගාමන්ට්ස් ශ්‍රී ලංකාවෙන් පිටත විවෘත කරන පළමු ඇඟලුම් කර්මාන්තශාලාව වීම ද විශේෂත්වයකි. සමාගමේ ගෝලීය වර්ධනය සඳහා උපායමාර්ගික දොරටුවක් ලෙස ටෝගෝ රාජ්‍යයේ ඇති වැදගත්කම ඉන් පිළිබිඹුවන අතරම ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රෙය් බටහිර අප්‍රිකාවට ඇති වැදගත් භූමිකාව ද එමගින් පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකාව ස්ටාර් ගාමන්ට්ස්හි සේවා මධ්‍යස්ථානය ලෙස දිගටම කටයුතු කරනු ඇති අතර, ස්ටාර් ගාමන්ට්ස්හි ඒකාබද්ධ ගෝලීය නිෂ්පාදන ජාලයට සහාය වීම සඳහා ලංකාව තුළ මෙහෙයුම් පුළුල් කරනු ඇත.
හෙක්ටයාර 3.7 ක දැවැන්ත භූමි ප්‍රමාණයක පිහිටි මෙම ඇඟලුම් කර්මාන්තශාලව තුළ ටෝගෝ ජාතිකයන් 2,000 ක් සඳහා සෘජු රැකියා අවස්ථා නිර්මාණය කෙරේ. තව ද රැකියාවලින් සියයට 60කට වඩා කාන්තාවන් වෙනුවෙන් වෙන්කිරීම ද කැපීපෙනේ. වර්ෂ 2030 වනවිට මෙහි සෘජු හා වක්‍ර රැකියා 4,520 ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ඉන් එරට ආර්ථිකය දැවැන්ත පරිවර්තනයකට බඳුන් කරනු ඇත.
පූර්ණ ධාරිතාව යටතේ දිනකට ඇඟලුම් 50,000ක් නිෂ්පාදනය කළ හැකි මෙම ඇඟලුම් කර්මාන්තශාලාව හරහා, ජාත්‍යන්තර වෙළෙඳපොළට රාත්‍රී ඇඳුම්, ලිහිල් ඇඳුම් සහ ස්ථර සහිත ඇඟලුම් අපනයනය කරනු ඇත. ඒ හරහා ගෝලීය ඇඟලුම් වෙළෙඳපොළේ තරගකාරී රටක් ලෙස ටෝගෝව ස්ථාපිත කරන අතරම, එරටට සැලකිය යුතු විදේශ විනිමය ඉපැයීමක් ද ජනනය කෙරේ.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්ටාර් ගාමන්ට්ස් ටොගෝ රාජ්‍යයේ නවීන ඇඟලුම් කම්හලක් විවෘත කරයි