IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සෘජු විදෙස් ආයෝජන නැංවීමට ”‍2025 ෆින්ටෙක් සමුළුව”‍ සැප්තැම්බරයේ

විමුක්ති එස් රුද්‍රිගු


මෙරටට 2030 වසර වනවිට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක සෘජු විදෙස් ආයෝජන ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම දැමීම සඳහා ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “2025 ෆින්ටෙක් සමුළුව”‍ එළැඹෙන සැප්තැම්බර් 24 හා 25 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනු ඇතැයි එහි සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කළේය.
“මූල්‍ය ප්‍රවේශය හා ආර්ථික වර්ධනය නවෝත්පාදන හරහා වර්ධනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බලගැන්වීම”‍ යන තේමාව යටතේ පැවත්වෙන මෙම සමුළුවට රටවල් 25 කින් 2000 කට වැඩි පිරිසක් සහභාගීවන බවද සංවිධායකයන් පැවැසුවේය. ඒ අතර ගෝලීය විශේෂඥයන් සහ කථිකයන් 150 කට වැඩි පිරිසක් සිටින බවද සංවිධායකයෝ ප්‍රකාශ කළහ.
ටෙක්සා පෞද්ගලික සමාගම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, හැටන් නැෂනල් බැංකුව සහ ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය සමඟින් එක්ව මෙම සමුළුව සංවිධානය කරයි.
සමුළුවෙන් වහාම මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන එකක සෘජු විදෙස් ආයෝජන ලැබෙනු ඇති බවත් පසුව තවත් මිලියන එකක සෘජු විදෙස් ආයෝජන ලැබෙනු ඇති බවත් සංවිධායකයෝ ප්‍රකාශ කළහ.
දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව මෙරට ඩිජිටල් ආර්ථිකය නගා සිටුවීම සඳහා කරුණු හයක් පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි සංවිධායකයෝ පැවැසූහ. සමුළුවේ නිල වෙබ් අඩවියද ඉකුත්දා නිල වශයෙන් දියත් කළේය.

 



අදහස් (0)

සෘජු විදෙස් ආයෝජන නැංවීමට ”‍2025 ෆින්ටෙක් සමුළුව”‍ සැප්තැම්බරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17742 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 743 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site