Cinnamon Life at City of Dreams Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යාධිකාරීවරයා ලෙස සංජීව් හුලුගල්ල මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සුවිසල් වෙනසකට ලක් වෙමින් පවතින කාලයක Cinnamon Life හි සිදු වූ මෙම සුවිශේෂ වෙනස හෙට දවසේ එහි සාර්ථකත්වයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වනු ඇතැයි Cinnamon Life සදහන් කරයි.
විශේෂයෙන් මාලදිවයිනේ සිට කැනඩාව දක්වාත් චීනයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වාත් ලොව පුරා රටවල් 12කට අධික ගණනක විශිෂ්ට සංචාරක හෝටල් ව්‍යාපෘති හා දේපළ වෙළෙඳාම් සමාගම් ගණනක් මෙහෙයවමින් හුලුගල්ල මහතා ලබා ගෙන ඇති සුවිශේෂ අත්දැකීම් තුළින් මෙරට සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ සුවිසල් වෙනසක් කිරීමට හැකියාව උදා වනු ඇත. එම පත්වීම Cinnamon Life හි විශිෂ්ටත්වය තවදුරටත් ලොවට ප්‍රදර්ශනය කිරීමේ මහඟු අවස්ථාවක් ද නිර්මාණය කරනු ඇත.
මීට පෙර සංචාරක හා දේපළ වෙළෙඳාම් සමාගමක් වන KOHLER සමාගමේ සමූහ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති හුලුගල්ල මහතා එහි විවිධ ව්‍යාපෘති නව්‍යකරණයේ හා උපායමාර්ගික වර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙක් ලෙසද සඳහන් කළ හැකිය. Auberge Resorts Collection යටතේ ඩොලර් මිලියන 210ක ව්‍යාපෘතියක් නැවත පිහිටුවීමට සමත් වූ ඒ මහතා වසර 24ක් පමණ කාලයක් Four Seasons සමඟ කටයුතු කරමින් සම්මානලාභී විශිෂ්ටයින් කණ්ඩායමක් ලොවට දායාද කිරීමටද කටයුතු කරන ලදී.
ඒ මහතා පවසන්නේ මෙය තමන් භාරගත් වෘත්තියක් නොව තමන්ගේ මව්බිමේ සාර්ථකත්වය වෙනුවෙන් දායක වීමට ලැබුණු අවස්ථාවක් බවයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සංජීව් හුලුගල්ල Cinnamon Life ප්‍රධාන විධායක නිලධාරී තනතුරට