භානුක අමරසිංහ
LOLCහෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සංජය කාලිදාස මහතා පත් කර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමි වූ බව එම සමාගම පවසයි. ඒ අනුව ජූනි 16 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කිරිමට නියමිතව තිබේ.
සංජය කාලිදාස මහතා සතුව මූල්‍ය මෙන්ම මූල්‍ය නොවන අංශ තුළ භාණ්ඩාගාරල වත්කම් බැරකම් කළමනාකරණය සහ අරමුදල් කළමනාකරණය පිළිබඳව වසර 20කට අධික කාලයක අත්දැකීම් සහිත බව පවසයි. LOLCසමූහයෙහි භාණ්ගාරිකවරයා ලෙස පත්වීමට පෙරාතුව කාලිදාස මහතා මෙරට සංවර්ධන බැංකුව මෙන්ම මහ බැංකුව/ රජයේ භාණ්ඩාගාරයේද සේවය කර තිබේ. මේ අතර කාලිදාස මහතා’ LOLCසමූහයට අයත් සිංගප්පූරුවේ පිහිටි LOLC Financial Sector Holdings Ltd, LOLC Asia Ltd. යන සමාගම්වල මෙන්ම Gal Oya Holdings Ltd හිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංජය කාලිදාස LOLC හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට