IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සංචාරක VAT ආපසු ගෙවීමේ ක්‍රමය යළි ඇරඹේ

භානුක අමරසිංහ


දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද සංචාරක එකතු කළ අගය මත බදු (VAT) ආපසු ගෙවීමේ ක්‍රමවේදය (TVRS) යළි ආරම්භ කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව පවසයි. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 58 අ වගන්තිය හා 2018 අංක 25 දරන සංශෝධිත පනත යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක වෙයි.
විශේෂයෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන් වෙත බදු ආපසු ගෙවීමක් සිදු කරමින් ඔවුන් මෙරට තුළ සිදු කරන මුදල් වියදම් කිරීම් ඉහළ නංවමින්, ශ්‍රී ලංකාව සංචාරකයන් අතර වඩාත් වාසි සහගත සාප්පු අත්දැකීමක් සහිත ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම මෙහි අරමුණ වී තිබේ. 
ඒ අනුව මෙම ක්‍රමවේදය යටතේ බලයලත් සිල්ලර වෙළෙඳුන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහිදී නව බලයලත් සිල්ලර වෙළෙඳුන්ට ඒ සඳහා ලියාපදිංචිවීමේ අවස්ථාවද උදාකර දී තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකතන අංක 1944 ඔස්සේ ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ, දුරකතන අංක 011 213 4192/011 213 5435 ඔස්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ඇමතීමෙන් හෝ ලබා ගත හැකි බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කරයි.

 



අදහස් (0)

සංචාරක VAT ආපසු ගෙවීමේ ක්‍රමය යළි ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site