( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ කිෂු ගෝමස් මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට එහි නව සභාපතිවරයා වශයෙන් යොහාන් ජයරත්න මහතා පත් කළ බව සංචාරක සංවර්ධන , වනජීවි සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් අද (14) සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.
මෙම පත් කිරීමට අදාළ ලිපිය අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් අද පෙරවරුවේ යොහාන් ජයරත්න මහතා වෙත ලබා දෙන ලදී.
යොහාන් ජයරත්න මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට පත් වීම පෙර සංචාරක සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙසද ,ගුවන්තොටුපල සහ ගුවන්සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයකු ලෙසද කටයුතු කර ඇත.
කෙසේ වෙතත් කිෂු ගෝමස් මහතා පසුගිය පෙබරවාරි මාසයේ සිට කටයුතු කළ සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ධුරයේ තවදුරටත් රැඳී සිටින බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කර සිටී.
පාස්කු ඉරිදා එල්ල වුණු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් අනතුරුව සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේදී සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය මුහුණ දී ඇති නව අභියෝග වෙත මුහුණ දීම සඳහා මෙම නව පත් කිරීම සිදුකළ බවද එම අමාත්‍යාංශ්‍ය කියා සිටී.
ඒ අනුව මේ වසර තුළදී ගෝලීය වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාවේ සංචාරක සන්නාමය ප‍්‍රවර්ධනය කිරීමේ කටයුතු කිෂු ගෝමස් මහතා යටතේ පවතින ප‍්‍රවර්ධන කාර්යාංශය හරහාද, දේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ කටයුතු ජයරත්න මහතා යටතේ පවතින සංචාරක සංවර්ධන අධිකාරිය යටතේද සිදු කිරීම අරමුණ බව සංචාරක සංවර්ධන,වනජීවි සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට රාජ්‍ය ආයතන කීයක් නම් තියනවද? ඒත් විදෙස් සංචාරකයින්ගේ පැමිණීම බිංදුවට බැහැල. නිකරුනේ අපතේ යන අපේ බදු මුදල්. කව්ද මේවට වග කියන්නේ...?