(රංජන් කස්තුරි)
පාස්කු ඉරිදා සිදුවීමෙන් කඩාවැටුණු සංචාරක ව්‍යාපාරය යළි කඩිනමින් නගා සිටුවීම සඳහා ‘සහන පැකේජයක්’ ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සංචාරක ව්‍යාපාරිකයින්ට ඉකුත් මාර්තු මස 31 වැනිදින සිට 2020 වසරේ අප්‍රේල් මාසය දක්වා වසරක කාලයක් යනතුරු බැංකු ණය නොගෙවීමට සහන කාලයක් ලබාදීමට තීරණය කළ බව වැඩබලන මුදල් ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
මීට අමතරව සංචාරක ව්‍යාපාරයන්හි කාරක ප්‍රාග්ධනය මත වාණිජ බැංකු හරහා ණයක් ලබාදීමටත් එම ණය සඳහා 3.4%ක සහන පොලියක් අයකිරීමටත් නියමිත බවද ඔහු කීය.
මෙතෙක් සංචාරක ව්‍යාපාරයෙන් අයකළ 15%ක වැට් බද්ද ක්‍රියාත්මක වන පරිදි 5% දක්වා අඩුකළ බවද ඔහු පැවසීය.
COMMENTS
ඔය පැකේජ් දැන් දීලා වැඩක් නැහැ, වැඩේ අවුල් වෙලා ඉවරයි.
දීපු පැකේජ් එක ගැන ධනාත්මක බලමු , ණය පොලි කපන එක සහ වැට් බද්ද අඩුකරන එක හෝටල් හිමියන්ට තම ව්‍යාපාර බංකොලොත් භාවයෙන් මුදා ගන්න උදවුවක් වේවි , නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ සංචාරකයා ලංකාවට අද්දව ගන්න දෙයක් මෙහි නොසිදුවිමය , උදාහරණයක් වශයෙන් ගතහොත් බටහිර රටවලින් එන සංචාරකයන්ට ඉස්සර තිබුන ක්‍රමයට on arrival ක්‍රමයට නොමිලේ විසා දීම , සිගිරිය , වන උද්‍යාන වැනි ස්ථානවල ප්‍රවේශ ගාස්තු අඩු කිරීම , සංචාරකයන් සදහා පහසු ශටල් බස් සේවයක් (ගාස්තුවකට යටත්ව) ගුවන් තොටුපලේ සිට සංචාරක මර්මස්ථාන වලට ඇතිකිරීම , සංචාරක මර්මස්ථානවල වැසිකිලි පහසුකම් වැඩි දියුණු කර පවත්වාගැනීම .
මුන්ට අමු කැවිලද? ජිවිත අහිමි වුනොත් නැවත ලබාදෙනවා කියලත් දාන්න.
ණය ගත්තු අසරණ සේවකයන්ට මොකද වෙන්නේ ???????????????
"ඒ අනුව සංචාරක ව්‍යාපාරිකයින්ට ඉකුත් මාර්තු මස 31 වැනි දින සිට 2020 වසරේ අප්‍රේල් මාසය දක්වා වසරක කාලයක් යනතුරු බැංකු ණය නොගෙවීමට සහන කාලයක් ලබාදීමට තීරණය කළ බව වැඩබලන මුදල් ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය." මේකේ ඇත්ත නැත්ත අපි විස්තර හොයා ගන්ඩ අපි පාර්ලිමේන්තු යන්න ඕනෙද, බැංකුවට යන්න ඕනෙද, අමාත්‍යාංශයට යන්ද ඕනෙද? මුකුත් අවශ්‍ය නොවේ.. පොලිය 3.4% කරලා දෙන්න.. ඒ උපකාරය වටිනවා...