
( තිළිණි ද සිල්වා )
කොවිඩ් 19 හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යූරෝ මිලියන 4.9 ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය අද (08) පැවසීය.
මෙම ප්‍රදානය ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ද යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට සහතික වූ බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර අද (07)සංචාරක අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක් පවත්වා ඇති එහිදී යුරෝපා සංගම් තානාපතිවරයා මේ බව සහතික වී ඇත.
යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියා සිටියේ සංචාරක කේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රධාන කේෂ්ත්‍ර 07ක් සඳහා මෙම ප්‍රදානය ලබාදීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව සංචාරක මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසීම, ශරීර සුවතා සංචරණය, සංචාරක කේෂ්ත්‍රයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහාය දීම,කේෂ්ත්‍රයේ නියුතු ද වූවන්ගේ සෞඛ්‍ය හා පුහුණු කටයුතු, සමාජ ආරක්ෂණ වැඩසටහන් හා ප්‍රජා පාදක සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් මෙම ප්‍රදානය හිමිවන බවය.
COMMENTS
නියමයි බැංකු ගිණුම් වැඩිකරගන්න පුළුවන්. දෙන දෙවියෝ ගෙදරටම ගෙනල්ලා දෙනවා කියන්නේ මේවට තමයි.
බඩාගේ මුහුණේ තියෙන පෙරේත හිනාව... මෝඩයා හිතාගෙන ඉන්නේ සල්ලි චෙක් එකකින් දෙයි කියලා. ඒ කාලේ ඉවරයි. මුන් හොරු කියලා මුළු ලෝකෙම දන්නවා...
මේකට වරායේ මොන කෑල්ලද දෙන්නේ?
යුරෝපා සංගමයට පිස්සුද කොහේද? ගුවන් තොටුපළ වහලා තිබෙන වෙලාවේ මොන සංචාරක ව්‍යාපාරද? කරුණාකර මෙම මුදල් වියදම් කරලා රටේ නිරෝධායන මධ්‍යස්ථාන වැඩිකරලා පිටරටවල මහපාරේ... අනාථ කඳවුරුවල දුක් විඳින අපේ පුරවැසියන් ටික ගෙන්වා ගන්න.
මේ මුදලින් කල යුතු වැඩ එමටයි.