IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචිය වසරකට නොමිලේ

( තිළිණි ද සිල්වා )
 
සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු වසරක කාලයක් සදහා අය නොකිරීමට එම අධිකාරිය අද   (13) තීරණය කර ඇත.
 
ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ  නවාතැන් පහසුකම් ලබා දෙන ආයතන 2700 ක් පමණ සහ සංචාරක  මග පෙන්වන්නන්ගේ ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ විවිධ සේවා සපයන පුද්ගලයින් 5400 ක් පමණ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිචි වී සිටින අතර එම පුද්ගලයින් සදහා මෙම සහනය හිමිවන බවද එම අධිකාරිය කියා සිටී.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවද  සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී.
 
ඒ අනුව දැනටමත් අදාල ගාස්තුව ගෙවා ඇති අය හා ආයතන ලබන වසරේ දි එම ගාස්තුවෙන් නිදහස් කෙරෙන අතර තවමත් මේ වසර සදහා අදාල ලියාපදිංචිය අලුත් කර නොමැති පුද්ගලයින් හා ආයතන වලට ගාස්තු ගෙවීමකින් තොරව ලියාපදිංචිය අලුත් කර ගැනීමට හැකියා ලැබෙන බව සංචාරක අධිකාරිය කියා සිටී.
 
කොවිඩ්  19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ  නියුතුවුවන්ට සහන සැලසීමේ කෙටි කාලීන වැඩ පිලිවෙලේ එක් පියවරක් ලෙස මෙම තීරණයට ගත් බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා කියා සිටී.
 
මේ අතර කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය නැංවිම සදහා වන යෝජනා ඉදිරිපත් කර ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනීය ඊට සම්බන්ධ සංවිධාන 34 කට ලිඛිතව දැනුම් දී තිබේ.
 
එමෙන්ම පළාත් සභාවල සංචාරක අමාත්‍යංශය හා සංචාරක ක්ශේත්‍රය සම්බන්ධ අධ්‍යාපන කටයුතු සිදු කරන විශ්ව විද්‍යාලය අංශ ප්‍රධානීන්ගෙන්ද මීට අදාල යෝජනා ඉල්ලා තිබේ

 

 



අදහස් (1)

සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචිය වසරකට නොමිලේ

Hasanthi Ekanayake Thursday, 14 May 2020 02:05 AM

අලුතින් ලියාපදිංචි වන අයටද යම් සහනයක් ලබා දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site